×

බැල්ටිමෝරයේ සිංහයා – 5 කොටස

ආහාරය සඳහා යන වියදම හැර වෙනත් වියදමක් දැරීමට වහල් හිමියාට සිදු නොවේ. වහලාගේ ශ්‍රමයෙන් නිර්මාණය වන ධනය වහල් හිමියා සතු ධනය බවට පත් වේ. මෙය ඉතා දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටි වහල් හිමියෝ සතුන් පාලනය කිරීමට දන්නා සත්ව පාලකයන්ට සමාන දැනීමක් වහලුන් පාලනය පිළිබඳව ද දැන සිටියහ.


දේව පිහිටෙන් ෆ්‍රෙඩ්රික් අයත් වූයේ ලුක්‍රේෂියාගේ කොටසට ය. එනිසා වහාම හියු ස්වාමියා යටතේ ජීවත්වීම සඳහා ආපසු බැල්ටිමෝරයට යවන ලදී. ඔහු ආපසු පැමිණීමෙන් ඔවුන් ට ඇති වූ සතුට, ඔහු ගිය දිනයේ දැනුණු දුකට සමාන විය. එය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත් ම දිනයකි. සිංහ හනුවලටත් වඩා නරක ස්ථානයකින් ඔහු පළාවිත් තිබිණි. මිල නියම කිරීම සහ බෙදා වෙන්කිරීම සඳහා ෆ්‍රෙඞ්රික් මාසයක් මුළුල්ලේ බැල්ටිමෝරයේ නොසිටි අතර ඒ කාලය දැනී තිබුණේ සය මසක් ලෙසිනි.

US Slave
US Slave

ඔහු බැල්ටිමෝරය ට පැමිණ ඉතා කෙටි කලකින් ඔහුගේ ස්වාමි දියණිය වූ ලුක්‍රේෂියා මිය ගියේ ඇගේ සැමියා සහ දරුවා තනි කරමිනි. මේ අතර ටික කලකින් ඇන්ඩෘ ස්වාමියා ද මිය ගියේය. දැන්, වහලුන්ද ඇතුළු ව ඔහුගේ පැරණි ස්වාමියාගේ සියලු දේපළ ආගන්තුකයන්ට අයත් වූ අතර ආගන්තුකයන්ට ඒවා ගොඩගසා ගැනීම හැර වෙනත් කළ හැකි දෙයක් නොවීය. එකදු වහලෙකුවත් නිදහස් නොකෙරිණි.

මේ අතරවාරයේ දරුවන් දොළොස්දෙනෙකු වෙනුවෙන් කැපවූ ඔහුගේ දුප්පත් ආච්චි අම්මා, පැල්පතෙහි මලානික ගිනි අඟුරු අබිමුවේ මිය පරලොව ගියාය.

ඈ සිටගත්තාය – ඉඳගත්තාය – බිම වැටුණාය – කෙඳිරි ගෑවාය – මළාය. ඇගේ රැළි වැටුණු නළලතෙන් මරණයේ දහදිය පිස දමන්නට ඒ මොහොතේ ඇගේ කිසිදු දරුවෙකු හෝ මුනුබුර මිනිබිරියක ඈ අසල සිටියේ නැත.

වහලුන් සිව්දෙනෙක් මුළුතැන් ගෙයි වූහ. ඔවුන් න්‍නම්, අන් කිසිවෙකු නොව ඔහුගේ සහෝදරිය වන එලිසා, නැන්දණිය වන ප්‍රිසිලා, හෙනී සහ ඔහු ය. සතියකට ඔවුන් ට ලැබුණේ ඉරිඟු බුසල් භාගයක් සහමස් හෝ එළවළු වැනි දෙයක ඉතාම ස්වල්පයක් පමණි.

ලුක්‍රේෂියා මහත්මියගේ මරණයෙන් දෙවසරකට පසු තෝමස් ස්වාමියා සිය දෙවන බිරිඳ විවාහ කර ගත්තේය. ඔහු සහ හියු ස්වාමියා අතර වැරදි වැටහීමක් ඇති වීමට පටන් ගත්තේ එයින් බොහෝ කලකට පසුව නොවේ. එයට දඬවම් දීමක් වශයෙන් ඔහු ෆ්‍රෙඞ්රික් ව එතැනින් ඉවත් කර ගෙන තමා සමග සාන්ත මිචෙල් හි දිවිගෙවීම සඳහා ගෙන ගියේය. මෙහිදී ෆ්‍රෙඞ්රික් තවත් අතිශය වේදනාබර වෙන්වීමක් අත්දුටුවේය. කෙසේ නමුත් එය දේපළ බෙදීම තරම් දරුණු සිත් වේදනාවක් නොවීය. නමුත් ඔහුගේ ශක්තිමත් ම බැඳීම වූයේ බැල්ටිමෝරයේ කුඩා කොල්ලන් සමග ය. ඔහු ඔවුන්ගෙන් ඉතා කදිම පාඩම් ඉගෙන ගෙන තිබූ අතර තවදුරටත් ඉගෙන ගනිමින් ද සිටියේය. ඔවුන්ගෙන් වෙන් වන බව සිතීමත් වේදනාකාරී විය. එසේම ඔහු ද සමුගෙන යන්නේ නැවත පැමිණීමේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව ය. ආපසු කිසිදා ඔහුට එන්නට දෙන්නේ නැතැයි තෝමස් ස්වාමියා කියා තිබිණි.

eBay
බැල්ටිමෝරයේ පැවති වහල් වෙළඳාම| eBay

පැන යාමේ විසඳුම අත්හදා බැලීම සඳහා උත්සාහයක් හෝ නොකිරීම සම්බන්ධයෙන් ඔහු පසුතැවෙන්නට පටන් ගත්තේ, නගරයෙන් පළායාම කඳුකරයෙන් පළායාමට වඩා දස ගුණයකින් ලෙහෙසි නිසාය.

ඔහු බැල්ටිමෝරයේ සිට සාන්ත මිචෙල්ස් දක්වා යාත්‍රා කළේය. සිය ගමන්මගේදී දුම් බෝට්ටු ෆිලඩෙල්ෆියාවට යන ගමන් මග ගැන ඔහු විශේෂ අවධානයක් යොමු කළේය. පැන යාම සඳහා වූ අධිෂ්ඨානය මෙහිදී නැවතත් සලකා බැලිණි. ඔහු අවසානයේ තීරණය කළේ හොඳ ම අවස්ථාව පැමිණෙන තෙක් බලා සිටීමට ය. එය පැමිණි විට පළායාමට ඔහු අධිෂ්ඨාන කරගත්තේය.සිය නව ස්වාමියා යටතේ ඔහුට අත්‍යන්ත කෲරත්වයන් දරාගැනීමට සිදුවිය. වහල් ස්වාමියා ඔහුට ප්‍රමාණවත් තරම් ඇඳුම් හෝ හොඳ ආහාර ලබාදුන්නේ නැත. වහලුන් සිව්දෙනෙක් මුළුතැන් ගෙයි වූහ. ඔවුන් නම්, අන් කිසිවෙකු නොව ඔහුගේ සහෝදරිය වන එලිසා, නැන්දණිය වන ප්‍රිසිලා, හෙනී සහ ඔහු ය. සතියකට ඔවුන් ට ලැබුණේ ඉරිඟු බුසල් භාගයක් සහ මස් හෝ එළවළු වැනි දෙයක ඉතාම ස්වල්පයක් පමණි. එනිසා අත්‍යවශ්‍ය දේ සඳහා සිය අසල්වාසීන්ගෙන් යැපෙන්නට ඔවුන්ට සිදුවිය. මෙය සිදුකළේ යැදීම සහ සොරකම මගිනි. එසේ කළ යුතු අවස්ථාව උදා වූ විට එසේ කිරීම නීත්‍යානුකූල ලෙස සැලකිණි.

සිය ස්වාමියාගේ එකදු මහත්මා ක්‍රියාවක්වත් ෆ්‍රෙඞ්රික් කිසිදා නොදිටීය. ඔහුගේ චරිතයේ වූ ප්‍රධානතම ගති ලක්ෂණය වූයේ අධම කමයි. ඔහු ළඟ වෙනත් ගති ලක්ෂණ වී නම් ඒවා ඇති වී තිබුණේ ද මේ නිසා ය. ඔහු අධමයෙකු විය. සෙසු බොහෝ අධම මිනිසුන් මෙන් ඔහු සිය අධම කම වසා ගැනීමේ හැකියාවෙන් ඌන විය.

6 වන කොටසින් හමු වෙමු.

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න.. ‘‘ඇමරිකානු වහලෙකුගේ කතාවක්‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි