×

Kai Li, Mark Swidan and John Leung ට නිදහස!

මෙම හුවමාරුව සඳහා මාස කිහිපයක් ගත වූ අතර ඇමරිකා අත්අඩංගුවේ සිටින එක් චීන පුරවැසියෙකු හෝ නිදහස් කිරීම ද මීට ඇතුළත්වේ.


facebook sharing button

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි, ඇමරිකා-චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

48,60 හා 78 යන වයස්වල පසු වූ ,Kai Li, Mark Swidan and John Leung යන අයයි මෙලෙස නිදහස් කර ඇත.

චීන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, චීනයේ රැඳී සිටි මෙම අය නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි. මෙම හුවමාරුව සඳහා මාස කිහිපයක් ගත වූ අතර ඇමරිකා අත්අඩංගුවේ සිටින එක් චීන පුරවැසියෙකු හෝ නිදහස් කිරීම ද මීට ඇතුළත්වේ.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන්, මේ මස මුලදී පේරු හි ඇපෙක් සමුළුව අතරතුරදී චීන ජනාධිපතිවරයා සමග ද මේ පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි