×

ප්‍රංශ ජනාධිපතිවරණය: මැක්‌රොන් සමග අන්ත දක්ෂිණාංශික ලී පෙන් සහ අන්ත වාමාංශික රජුන් තතන්නා තියුණු සටනක

ප්‍රංශ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් මේ වන විට පැවැත්වේ.


මේ වන විට පළමු වටයේ ප්‍රකාශිත ඡන්දවලින් 97%ක් ගණන් කර අවසන් අතර, එයින් මැක්‍රොන් 27.6%ක්ද, මරීන් ලී පෙන් 23.4%ක්ද, ජීන්-ලූක් මේලකොන් 21.95%ක්ද වශයෙන් තියුණු තරගයක යෙදී සිටිති.

ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස ඉදිරියෙන් සිටින්නේ අන්ත දක්ෂිණාංශික ලී පෙන් ය. නමුත් ‘අන්ත වාමාංශික රජුන් තනන්නා” (Kingmaker on far left) ලෙස විරුදාවලි ලත් ජීන්-ලූක් මේලකොන් ද තියුණු සටනක් ලබාදෙමින් සිටියි.

”අත්වැරදීමක් කරන්න එපා.. කිසිම දෙයක් තවම තීරණය වෙලා නැහැ” යැයි මැක්රොන් සිය ආධාරකරුවන් අමතා පවසද්දී ලී පෙන් පවසන්නේ ”මැක්‍රොන්ට ඡන්දය නොදෙන හැම ඡන්ද දායකයෙක්ම ප්‍රංශය නැවත‌ ගොඩගැනීමට තමන්ට ඡන්දය දිය යුතු බව” යි.

මේ අතර ‘අන්ත වාමාංශික රජුන් තනන්නා’ මෙසේ කියමින් සිටියි. ඔහුගේ ඉලක්කය අන්ත දක්ෂිණාංශයට ප්‍රංශයේ ආණ්ඩු බලය මාරු වීම වැළැක්වීමයි.

”එක ඡන්දයක්වත් ලී පෙන් ට දෙන්න එපා!”

දෙවැනි වටයේ ඡන්ද ප්‍රතිඵල වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි