×

‘නාසි රත්තරන්‘ සෙවූ සිව් පුද්ගල ඝාතකයාට වසර 30 ක සිර දඬුවමක්

ප්‍රංශයේ හර්බට් කෝව්සින් නමැති පුද්ගලයා සිය ඥාති සහෝදරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු දෙදෙනා යන සිව් පුද්ගල ඝාතනය 2017 වසරේදී සිදු කරන්නේ ඔවුන්ගේ නිවසේ සඟවා ඇතැයි සිතූ ‘නාසි ගෝල්ඩ්‘ හෙවත් ‘නාසි රත්තරන්‘ නිධාන ලබාගැනීම සඳහා ය.


‘නාසි රත්තරන්‘ ලෙස හඳුන්වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේදී හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් ලෝකයේ තැන් තැන්වල සඟවා තැබූ රන් සම්භාරයන් ය. මේවා ඉතාම රහසිගතව සහ සොයාගත නොහැකි පරිදි නිධාන ලෙස වළ දමා ඇතැයි විශ්වාසයක් තිබේ. ඒවා හිට්ලර්ගේ සේනාව විසින් මරා දැමූ ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් සතුව තිබූ දේපළ ය.

මෙම ප්‍රංශ ජාතිකයා 2017 වසරේදී මරා දමන්නේ සිය ඥාති පවුලකි. ඒ අනුව සිය ඥාති සහෝදරයා, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ව ඔවුන්ගේ නිවසේදීම ඝාතනය කරනු ලබයි.

එම නිවසේ යම් තැනෙක නාසි නිධාන සඟවා ඇති බව විශ්වාස කළ ඔහු, සිය බිරිඳට හිමි කොටස ඔවුන් ලබානොදීම ගැන මහත් කෝපයෙන් පසු වූ බව සඳහන් ය.

ඝාතනයට ලක් කර තිබූ දරුවන් වයස 21 සහ 18 වියෙහි පසු වූහ.

පුරා වසර 4 ක් දික්ගැස්සුණු මෙම නඩු විභාගය අවසානයේ ඝාතකයාට වසර 30 ක සිර දඬුවමක් හිමි විය.

අධිකරණයේදී කියැවුණේ ‘සාමාන්‍ය මිනිසෙකු‘ වූ ඔහු, නිධාන පිළිබඳ කතාව පිළිබඳ දිගින් දිගටම සිතීමෙන් එයින් ගැළවී ගත නොහැකි තත්වයට පත් වූ බවයි.

Fred Tanneau/AFP/Getty Images

මරා දැමූ අයගේ සිරුරු , කොටස් බවට පත් කර පසුව පුළුස්සා දමා තිබූ අතර, පොලිසියට ඒවා සොයාගැනීමට විශාල වෙහෙසක් ගැනීමට සිදු විය. එම මළ සිරුරු පුළුස්සා දැමීමට උපකාර කර තිබූ ඔහුගේ බිරිඳට ද වසර 2 ක අත්හිටවූ සිර දඬුවමක් නියම කෙරිණි.

ඝාතන සිදු කළ ද රත්තරන් වල හෝඩුවාවක් හෝ හමුවුණේ නැත. නඩු විභාගයේදී ඔහු කීවේ ඝාතන ‘අත්වැරදීමක්‘ බවයි.

නිධාන ගැන සිහිනවලින් ආතුර වූ විට මානසික විකෘතිතාවයක් ඇති වීම වැළැක්විය නොහැකි ය.

දින 16 ක් සහ පැය 7 ක් මුළුල්ලේ විභාග වූ නඩුවෙන් පසුව විනිසුරුවරයා අවසානයේ නිගමනය කළේ චූදිතයා ‘දරුණු මානසික විකෘතිතාවයකින්‘ (“paranoid madness”) පෙළෙන බවට විශේෂඥ මනෝ වෛද්‍යවරයා කළ නිගමනය නිවැරදි බවට ය.

Main Photo: Sebastien Salom-Gomis/AFP/Getty



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි