×

දකුණු කොරියාවේ ෆ්‍රයිඩ් චිකන් යුද්ධය

Euromonitor International හි දත්ත වලට අනුව, දකුණු කොරියාව බැදපු කුකුල් මස් සඳහා ලොව තුන්වන විශාලතම වෙළඳපොල වන අතර එය වඩා ජනාකීර්ණ එක්සත් ජනපදය සහ චීනය පමණක් අභිබවා යන බව වෙළඳපල පර්යේෂණ සැපයුම්කරුපෙන්වා දෙයි.


බැදපු කුකුල් මස් යනු දකුණු කොරියාවේ ‘ජාතික ආහාරයක්’ ලෙස හැඳින් වේ. බ්‍රිතාන්‍ය මාළු සහ චිප්ස් වලට සමාන බැදපු කුකුල් මස් දකුණු කොරියාවේ විශාල සංස්කෘතික ආහාරයක් වන අතර එය මේ වසරේ සිට අසාමාන්‍ය ලෙස මිලෙන් වැඩි වී ඇත.

දකුණු කොරියානුවන් බැදපු කුකුල් මස් සිය ආහාර වේලෙහි අනිවාර්යයෙන්ම තිබිය යුතු ආහාරයක් ලෙස සලකන අතර මේ වන විට පාරිභෝගිකයින්ට මසකට කිහිප වතාවක් එය ලබා ගැනීම පහසු කරුණක් නොවනු ඇත.

Euromonitor International හි දත්ත වලට අනුව, දකුණු කොරියාව බැදපු කුකුල් මස් සඳහා ලොව තුන්වන විශාලතම වෙළඳපොල වන අතර එය වඩා ජනාකීර්ණ එක්සත් ජනපදය සහ චීනය පමණක් අභිබවා යන බව වෙළඳපල පර්යේෂණ සැපයුම්කරුපෙන්වා දෙයි.

මේ වන විට තෙල්, කුලිය, ශ්‍රමය, බෙදා හැරීමේ සේවා සහ කුකුළු ආහාර පවා ඉහළ යාමෙන් වෙළෙන්දන් පීඩාවට පත්ව ඇති මුත් 2021 වසරේදී කොරියානු කුකුල් මස් අවන්හල් ෆ්‍රයිඩ් චිකන් වලින් පමණක් ඩොලර් බිලියන 7.9 ක ආදායමක් උපයා ඇත.

Euromonitor International හි ආහාර සහ පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක Yunjin Park පවසන පරිදි, “අමුද්‍රව්‍යවල ඉහළ යන මිල” උපුටා දක්වමින් ප්‍රමුඛ කුකුල් මස් දාමයන් සාමාන්‍යයෙන් කොරියානු වොන් 2,000කින් ($1.50) මෙනු මිල ඉහළ දමා ඇත. මේ නිසා බැදපු කුකුල් මස් මිල දළ වශයෙන් 10% සිට 15% දක්වා ඉහළ යාමට හේතු වූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය. වෙනස කුඩා බවක් පෙනෙන්නට තිබුණත්, සරල ආහාර වේලක් සඳහා ගනුදෙනුකරුවන්ට ඩොලර් 22 කට ආසන්න පිරිවැයක් දුරීමට සිදු ව ඇත.

Euromonitor International ට අනුව දකුණු කොරියාව එවැනි ගැටලු වලට මුහුණ දීමට එක් හේතුවක් වන්නේ එහි ආහාර වලින් අඩක් පමණ ආනයනය කිරීමයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙම වසරේ ගෝලීය ආහාර මිල ඉහල යාම බොහෝ ආහාර වර්ග සඳහා වෙනත් රටවල් මත යැපෙන දකුණු කොරියාට බෙහෙවින් බලපා ඇත. දකුණු කොරියානු ආර්ථිකය ලොව පුරා ඉහළ යන මිල ගණන් වලට වඩාත්ම නිරාවරණය වන ආසියාතික ආර්ථිකයන්ගෙන් එකකි, එමෙන්ම සිංගප්පූරුව, හොංකොං සහ පිලිපීනය ද මෙම අවදානමට ඉදිරියේදී ලක්විය හැකි බව විදඥයන් අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි