×

2020 ඇරඹුමත් සමඟ Netflix වෙත සමුදෙන F.R.I.E.N.D.S

2020 ජනවාරි 1 වන දින සිට, Friends කථා මාලාව Netflix ඔස්සේ ප්‍රචාරණය අවසන් වන අතර, ඉදිරි මාස 5 ඇතුළත HBO ඇතුළු සියලුම මාර්ග ගත ටෙලිවිෂන තුළින් නික්ම යනු ඇත.


2020 ජනවාරි 1 වන දින සිට, Friends කථා මාලාව Netflix ඔස්සේ ප්‍රචාරණය අවසන් වන අතර, ඉදිරි මාස 5 ඇතුළත HBO ඇතුළු සියලුම මාර්ග ගත ටෙලිවිෂන තුළින් නික්ම යනු ඇත.

නමුත් Amazon, iTunes ඔස්සේ ප්‍රදර්ශනයේ වාර (seasons) 10 ම කුලියට හෝ මිලදී ගැනීමේ අවස්ථාව Friends රසිකයන්ට ලැබෙනු ඇත. මේ වන විට iTunes ඔස්සේ සම්පූර්ණ කථාමාලාවම ඇමරිකානු ඩොලර් 140කටත්, Amazon ඔස්සේ ඇ. ඩොලර් 70කටත් අලෙවි වේ. Amazon, iTunes යන දෙකම බොහෝ විට සම්පූර්ණ කථාමාලාව රැගත් ඩීවීඩී පට සදහා විශාල වට්ටම් ලබා දෙයි, අවශය වන්නේ අවධානයෙන් සිටීමයි.

Friends කථා මාලාව ලොව පුරා කොතෙක් ජනප්‍රියද යත් Netflix ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ ටෙලිවිෂන් කථාමාලා අතරින් දෙවන තැන ගන්නේ මෙයයි.

Friends යනු ඇමරිකානු sitcom ගණයට අයත් ටෙලිවිෂන් කථාමාලාවකි. එය 1994 සැප්තැම්බර් 22 වන දින NBC ඔස්සේ විකාශනය ආරම්භ වූ අතර seasons 10හි අවසානය සනිටුහන් කරන්නේ 2004 මැයි 6 වන දිනයි. ඩේවිඩ් ක්‍රේන් හා මාර්තා කොෆ්මන් ගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් ආරම්භවන Friends කථාමාලව, අතරතුරදී කොටස් කිහිපයක් අධ්‍යක්ෂනයට කථාවේ ප්‍රධාන චරිතයකට පණ පොවන ඩේවිඩ් ශ්විමර් අවස්ථාව ලබාගෙන ඇත. Joey, Chandler, Phoebe,Ross, Rachel හා Monica යන ප්‍රධාන චරිත 5ට පණ පොවන්නේ පිළිවෙලින් Matt LeBlanc,Matthew Perry, Lisa Kudrow, David Schwimmer, Jennifer Aniston හා Courteney Cox යන රංගන ශිල්පීන්. මිතුරන් පස්දෙනෙකු වටාගෙතූ ඇති කථාව ලොව පුරා ඕනෑම වයසක ගැහැනු පිරිමි විවාහක අවිවාහක ඕනෑම අයකුට පාඩම් රැසක් උගන්න්වන කථාවක් ලෙස Friends හැදින්විය හැක.

මෙම ශිල්පීන් පස් දෙනා ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයකට පත් වූ වන් වන අතර එසේ ජනප්‍රිය වීමට එකම හේතුව මෙම Friends කථා මාලාවයි. ඔවුන් ඉන් ලද ජන්ප්‍රියත්වය කොතෙක්ද කිවතොත් Rachel චරිතයට පණ පොවන Jennifer Aniston පසුගියදා සිය Instagram පිටුව ආරම්භ කිරීමත් සමග පැය කිහිපයක් ඇතුළත වැඩිම Instagram followers ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයා ලෙස ගිනස් පොතට එකතු වීම සිදු වුණි. ඇය පැය 5ක් හා විනාඩි 16ක කාලයකින් Instagram followersලා මිලියනයක් ලබාගන්නට විය. බොහෝ දෙනා එදා පැවසූයේ Jennifer Anistonගේ Instagram ආගමනය හේතුවෙන් “ඉන්ස්ටග්‍රමය කැඩුණු” බවයි. මෙසේ අසීමිත followersලා ප්‍රමාණයක් ලබාගැනීමට බලපෑ හේතුව නම් ඇය අගේ ප්‍රථම පෝස්ටුව ලෙස Instagram වෙත මුදා හරින ලද්දේ Friends ප්‍රධාන රංගන ශිල්පීන් 5 දෙනාගේ නැවත හමුවීම් ඡායාරූපයක් වීමයි.

 

1994 දී හරි හමන් ගෙවීමකුදු නොමැතිව ආරම්භ වූ Friends කථා මාලාව හේතුවෙන් අදටත් මෙම ප්‍රධාන නලුවන් 5 දෙනා කිසිවක් නොකරම ආදායම් උපයයි. 1994 දී ජනප්‍රියත්වයට පත් වූ ප්‍රමාණය මෙන් දහස් ගුණයක් අද Friends කථා මාලාව ජනප්‍රියත්වයට පත්ව ඇත. ඒ කොතරම්ද යත් වසර 25ක් ගතව ඇතත් අදටත් ලොව ජනප්‍රියතම sitcom එක වන්නේ Friends කථා මාලාවයි.

Friends, Netflix වෙතින් නික්ම යාම අතිශය කණගාටුවට කරුණකි, නමුත් එය ඉදිරි වසර 25 ටත් ජනප්‍රියතම ටෙලිවිෂන් කතාමාලාවක්ව පැවතෙනු නොඅනුමානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි