×

හුදෙකලා දූපත්

ප්‍රකට හුදෙකලා දූපත් දහයක්


මිනිසුන් කිසිවෙක් වාසය නොකරන හුදෙකලා දූපත් තවමත් මේ ලෝකයේ විශාල සංඛ්‍යාවක් තිබේ. පහත දැක්වෙන්නේ එවන් ප්‍රකට දූපත් දහයක් පිළිබඳ කෙටි විස්තරයකි.

1. ඉන්දුනීසියාවට අයත් ඔකුනිෂිමා දූපත කලක් ජපනුන් විසින් භාවිතා කළේ රසායන ආයුධ කම්හලක් ලෙස ය. 1929-1945 අතර කාලයේ මිත්‍ර හමුදා රසායානාගාරවලින් විෂවායු ටොන් 6000 ක් මුදාහැරීමේ සිද්ධියෙන් පසු විද්‍යා පර්යේෂණ සඳහා තබාගෙන සිටි සියලූ හාවුන් දූපතට මුදාහැරීමේ ප‍්‍රතිඵලය ලෙස, දූපතේ හිමිකරුවන් බවට පත්වූයේ හාවුන් ය.

2. දකුණු අත්ලාන්තික මුහුදේ ඇන්ටාක්ටික් මහද්වීපය හා දකුණු අපි‍්‍රකාව අතර පිහිටා තිබෙන බූවට් දූපත, ග්ලැසියරකින් වැසී ගිය ගැඹුරු හෙළකි. එය ලොව හුදෙකලාම තැනක් වන අතර සැතපුම් දහසක් යන තෙක් මිනිස් පුලූටක්වත් හමුනොවේ. තවද නෝර්වේ රාජ්‍යය විසින් එහි ගමන් බිමන් ද දැඩි ලෙස සීමාකරයි.

3. බ‍්‍රසීල වෙරළට නුදුරු ඉල්හා ඩා දූපත වඩාත් ප‍්‍රකට ව තිබෙන්නේ ‘සර්ප දූපත’ ලෙස ය. ගෝල්ඩන් ලාන්ස්හෙඞ් වර්ගයේ උග‍්‍ර විෂැති සර්පයන් මෙම දූපතේ එක් වර්ග මීටරයකට පස්දෙනෙක්වත් සිටිති. දූපතට සංචාරකයන්ට යාම තහනම් කර තිබේ.

4. ඇමරිකාවේ බැල්ටිමෝරය අසල පිහිටා තිබෙන, හැඩයෙන් ෂඩාස‍්‍රාකාර කැරොල් වරාය බලකොටුව 1850 දී ඉදි කළේ ආරක්ෂාව සඳහා ය. එය කැසිනෝ හලක් බවට පත්කිරීමට ගත් වෑයම අසාර්ථක වීමෙන් පසු දැන් එය කුරුලූ දූපතකි.

5. කැනඩාවේ ඩෙවෝන් දූපත මිහිපිට තිබෙනා දැවැන්තම හුදෙකලා දූපතයි. එය වර්ග සැතපුම් විසිඑක්දහසක් විශාල ය. වියළි, ශීත කාලගුණය සහ සැතපුම් 15 ක් පළල ආවාටයක් තිබීම නිසා අ`ගහරු ග‍්‍රහයාගේ ගවේෂණ ආදර්ශනය කිරීම සඳහා මෙය යොදාගනියි.

6. පර්ල් බෝම්බ ප‍්‍රහාරයට පසුදින ජපන් ජාතිකයන් හොව්ලන්ඞ් දූපතට බෝම්බ හෙලූහ. එදා පටන් එය ජනශුන්‍ය එකකි. සුප‍්‍රකට ගගන යාත‍්‍රිකා අමෙලියා ඉයර්හාට්ගේ අතුරුදන්වීම සිදුනොවිණි නම් ඇය සිය යානය ගොඩබෑමට නියමිතව තිබූ ගමනාන්තය මෙයයි.

7. වැනිසිය හා වැනිටියානු කලපුව අතර පිහිටා තිබෙන පොවෙග්ලියා දූපතේ අතීතයේ පදිංචි ව සිටියේ මහාමාරිය රෝගීන් ය. පසුව එහි මානසික රෝහලක් පිහිටවූ අතර එම මානසික රෝගීන්ව වෛද්‍යවරුන් විසින් වධහිංසා කළ බව කියයි. මේ වන විට එය ප‍්‍රකටව තිබෙන්නේ හොල්මන් දූපතක් ලෙසය.

8. මෙක්සිකෝවේ සොචිමිල්කෝ, බෝනිකි දූපත ලෙස ද හඳුන්වයි. එහි සෑම තැනකම, සෑම ඉරියව්වකින්ම සිටිනා පරණ වූ සහ අත්පා නැති බෝනික්කන් දැකගත හැකිය. දූපත අසල දියේ ගිලී මියගිය ගැහැනු ළමයෙකු සිහිපත්වීම සඳහා ජුලියන් සැන්ටානා නමැත්තා විසින් මෙය පවත්වාගෙන යයි.

9. පැසිපික් සාගරයේ ක්ලිපර්ටන් දූපත, 1914 සිවිල් යුද්ධයෙන් පසු ජන ශුන්‍ය විය. සියලූ දෙනාම දූපත හැරදමා යන විට එක් අයෙක් පමණක් තමන් රජතුමා යැයි කියාගත්තේය. 1917 වසරේදී ඇමරිකාව පැමිණ අවසන් වැසියන් දස දෙනා මුදාගැනීමෙන් පසු එය අද දක්වා ද ජනශුන්‍ය ය.

10. ජපානයට අයත්, අක්කර 15 ක හෂීමා දූපතේ ගල් අ`ගුරු කර්මාන්තයේ යෙදෙනවුන් 5000 ක් පමණ ජීවත් වූහ. නමුත් 1974 වසරේ පටන් කර්මාන්තය බිඳ වැටීමෙන් පසු දැන් එය හුදෙකලා සංචාරක දූපතක් පමණි.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි