×

G20 සමුළුවේ දවසේ විශේෂත්වය

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, 2030 වන විට එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර ද්වි පාර්ශවීය වෙළඳම දෙගුණ කරන වෙළඳ ගිවිසුමක් ඉදිරියේදී ඇතිවනු ඇති බවයි.


ඉන්දුනිසියාවේ බාලිහී පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව අද දිනයේ චීනයේ ජනාධිපති ෂී ජින්පින් හා ඔිස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇලිබනීස් අතර ද්වී පාර්ශවීය සාකච්ඡා අද දිනයේදී ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාව හා චීනය අතර ද්වී පාර්ශවීස සබඳතා 2018 වසරේ සිට ඉිඳ වැටුණ අතර චීනය විසින් ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතුවලට දීනය ඇඟිලි ගැසීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව විසින් නව නීති සම්පාදනය කරමින් ආරක්ෂක අවදානම් සඳහන් කරමින් චීන සමාගමක් වන Huawei එහි 5G ජාලය ගොඩනැගීම තහනම් කළ පළමු බටහිර රට බවට පත්විය. එතැන් සිට හොංකොං හි ක්‍රියා විවේචනය කිරීමත් ෂින්ජියැන්ග්හි දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මඟින් චීනයේ කෝපය අවුස්සන ලදි.

මීට සාපේක්ෂව චීනය විසින් වයින්, හරක් මස්, පොකිරිස්සන් සහ බාර්ලි ඇතුළු ඕස්ට්‍රේලියානු ආනයන සඳහා සම්බාධක පැනවීමෙන්, ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් රටින් එළවා දමමින් ඕස්ට්‍රේලියාවට නොයන ලෙස සිසුන්ට සහ සංචාරකයින්ට අනතුරු ඇඟවන ලදි.

මෙවැනි තත්වයක් තුළ අද හමුවන චීනයේ ජනාධිපති ෂී ජින්පින්ට හා ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇලිබනීස්ට බොහෝ කරුණු සාකච්ඡා කිරීමට හැකිවනු ඇති බව විශ්ලේශකයන් සඳහන් කර තිබේ.

මීට අමතරව චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ ඔහුගේ ප්‍රංශ සහකරු එමානුවෙල් මැක්‍රොන්ගේද හමුවක් අද දිනයේ ක්‍රියාත්මක වනු ඇත. අතර යුක්රේන යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතය වැලැක්වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මෙහිදී ප්‍රංශ ජනාධිපති මෙහිදී තහවුරු කරනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. එමෙන්ම මීට අමතරව සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට මූල්‍ය ආධාර සැපයීම වැනි කරුණු ද සාකච්ඡා කරනු ඇති අතර සැම්බියාවේ තත්වය පිළිබඳවද සාකච්ඡා කරනු ඇත.

චීනය සැම්බියාවේ විශාලතම ණය හිමියා වන අතර, එය ප්‍රංශය ඇතුළු විවිධ රටවලට ගෙවිය යුතු ප්‍රමාණයෙන් 75%ක් වේ. දෙරට අතර හමුව පිළිබඳව චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන Xinhua ද Xi උපුටා දක්වා තිබුණේ චීනය සහ ප්‍රංශය සබඳතාවල ධනාත්මක වර්ධනයක් සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් පවත්වා ගෙන ගිය බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය විසින් ඉන්දීය නායකයා එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් සමඟ කතා කරන ඡායාරූපයක් ට්වීට් කර ඇත.

සංවාදයේ විස්තර අපි තවම නොදන්නාමුත් ඉන්දීය සම්භවයක් සහිත සුනක් හා මෝදිගේ හමුව ඉන්දියාවට සුභදායි බලාපොරොත්තු ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. රිෂී සුනක් විවාහ වී සිටින්නේ Infosys නිර්මාතෘ NR නාරායන මූර්තිගේ දියණිය වන Akshata Murty සමඟයි. සුනක් බලයට පත් වීමත් සමඟ මෝදි විසින් ඔහුට දුරකතනයෙන් සුභපැතූ බව ට්විටර්හි සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, 2030 වන විට එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර ද්වි පාර්ශවීය වෙළඳම දෙගුණ කරන වෙළඳ ගිවිසුමක් ඉදිරියේදී ඇතිවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි