×

G7ට එරෙහිව විරෝධතාකරුවන් දහස් ගණනක් රොද බඳියි.

මෙවර න්‍යාය පත්‍රයට යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය,  දේශගුණික විපර්යාස, බලශක්තිය සහ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා අර්බුදයන් හා ඒකාබද්ධ උපායමාර්ය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා ඇතුළත් වන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.


එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන ලෝක බලවතුන් 07 දෙනාගේ මූලිකත්වයෙන් ඇරඹෙන 48වන G7 සමුළුව ජර්මනියේදී ඇරඹේ. අදින් ඇරඹෙන සමුළුව අඟහරුවාදා (28) දක්වා ක්‍රියාත්මක වන බව කියැවේ.

සාමාන්‍යයෙන් මෙම කණ්ඩායමේ නායකයින් සෑම වසරකම හමුවී එම වකවානුවේ පවතින ලෝක මට්ටමේ අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කරනු ලබයි. එහිදී අනාගත ප්‍රතිපත්ති සමායෝජනය කිරීම අපේක්ෂාව වේ. සාමාන්‍යයෙන් මෙහිදී සාකච්ඡා වන අර්බුද ලෝක ආරක්ෂාව සහ ආර්ථිකය හා බැඳේ. මෙවර න්‍යාය පත්‍රයට යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය,  දේශගුණික විපර්යාස, බලශක්තිය සහ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා අර්බුදයන් හා ඒකාබද්ධ උපායමාර්ය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා ඇතුළත් වන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.

මීට විරෝධය පාමින් නිරෝධතාකරුවන් 4000 පමණ මියුනිචි වෙත රැස්ව තිබේ. බැවේරියානු නගරයේ විරෝධතාකරුවන් 20,000 ඉක්මවනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරන බවට ජර්මානු පුවත් ඒජන්සිය dpa වාර්තා කර ඇත. 18,000ක් පමණ පොලිස් නිලධාරීන් සමුළු භූමිය වටා සහ විරෝධතා ව්‍යාපාර වටා යොදවා ඇති අතර ගෝලීයකරණය විවේචනය කරන කණ්ඩායම් 15ක් පමණ මෙහිදී සංවිධානයව ඇති අතර ඔවුන් ජනතාවට දැනුම් දී ඇත්තේ පෙළපාලි වලට සම්බන්ධ වන ලෙසයි.

ඔවුන්ගේ විවිධ ඉල්ලීම් අතරට ෆොසිල ඉන්ධන ඉවත් කිරීම, ජෛව විවිධත්වය සුරැකීම, සමාජ සාධාරණත්වය සහ සාගින්න මැඩපැවැත්වීම ආදියත් බහුවිධ අර්බුදවලට මුහුණ දීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර වේ. කුසගින්න, අසමානතාවය සහ දරිද්‍රතාවයට එරෙහිව G7 ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් වැඩිදුරටත් දක්වයි.
G7 සමුළුවෙන් අනතුරුව නේටෝ සන්ධානයට අයත් රටවල් 30 හි නායකයින් ඔවුන්ගේ වාර්ෂික සමුළුව සඳහා රැස්වනු ඇත, එය බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි