×

Game of Thrones  හී ජෝන් ස්නෝ හා ඉග්‍රිට් යුග දිවියට:

ලෝක ප්‍රකට Game of Thrones  කතා මාලාවේ ජෝන් ස්නෝ හෙවත් කිට්(ක්‍රිස්ටෝපර්)  හැරින්ටන් හා ඉග්‍රිට් හෙවත් රෝස් ලෙස්ලි ගේ විවාහ මංගල උත්සවය Game of Thrones බැලූ  කා අතරත් කතාබහට ලක් වූවක්. Game of Thrones  රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 2017 වසරේ සැප්තම්බර් හී විවාහ ගිවිසගත්  හැරින්ටන්ගේත් ලෙස්ලිගේත් විවාහ දේව මෙහෙය ස්කොට්ලන්තයේ රෙයින් දේවස්ථානයේ ක්‍රික්ටන් හී ඊයේ දින […]


ලෝක ප්‍රකට Game of Thrones  කතා මාලාවේ ජෝන් ස්නෝ හෙවත් කිට්(ක්‍රිස්ටෝපර්)  හැරින්ටන් හා ඉග්‍රිට් හෙවත් රෝස් ලෙස්ලි ගේ විවාහ මංගල උත්සවය Game of Thrones බැලූ  කා අතරත් කතාබහට ලක් වූවක්.

Game of Thrones  රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 2017 වසරේ සැප්තම්බර් හී විවාහ ගිවිසගත්  හැරින්ටන්ගේත් ලෙස්ලිගේත් විවාහ දේව මෙහෙය ස්කොට්ලන්තයේ රෙයින් දේවස්ථානයේ ක්‍රික්ටන් හී ඊයේ දින (23) පැවතිනි. රෝස සුදු දුඹුරු මිශ්‍ර වර්ණයකින් යුතු රේන්ද වලින් නිර්මාණය කෙරුණු දිගු අත් යෙදූ සුන්දර ගවුමකින් සැරසී සිටි ඉග්‍රිට් හිසේ සිට පාදාන්තය දක්වා විහිදුනු සාම්ප්‍රදායක වේල් පටයට අමතරව අමු මලින් කළ සුන්දර හිස් පලදනාවක් පැලද සිටියාය. ඇය අත වූ කුඩා නමුත්  ප්‍රියකරු මල්කළඹ හිතුවක්කාර, උද්දච්ච ඉග්‍රිට්ගේ සුන්දර රෝස් ලෙස්ලිව ඉස්මතු කරන්නට විය.

කිට් හැරින්ටන් සාම්ප්‍රදායික කළු කබාය, සුදු කමිසය, කළු ඉරි සහිත  අලු පැහැ කලිසමක්  හා සපත්තු වලින් හා රෝස්ගේ ගවුමේ පැහැයට ගැලපෙන රෝස සුදු දුඹුරු මිශ්‍ර වර්ණයකින් යුතු යටි කබායකින් සැරසී සිටියේය.

කිට් හා රෝස් එකිනෙකාට වඩාත්ම සමීප වූයේ අයිස්ලන්තයේ  රූපගත කෙරුණු Game of Thrones කතා මාලාවේ දෙවන කොටසේ රූපගත කිරීම් අතරතුරදී බවත් එම සති කිහිපය Game of Thrones  හී  කිට්ගේ ප්‍රියතම කොටස බවත් පසුගියදා මාද්‍ය සාකච්ඡාවකදී  කියා සිටියේය.

“අයිස්ලන්තය සුන්දර රටක්. මක් නිසාද යත් උතුරු ආලෝකය සැබවින්ම මායාකාරී; හැගීම් උපදවන සුළුයි, නමුත් අන් කවරකටත් වඩා වැදගත් කරුණ නම්  මා රෝස් සමගින් ආදරෙන් බැඳුනේ අයිස්ලන්තයේදීයී.”යැයි L’Uomo Vogue පුවත්පතට ඔහු වරක් කියා සිටියේය. 2012 වසරේදී සිට ස්නෝ හා ඉග්‍රිට් කැමරාවෙන් ඔබ්බටත් පෙම්වතුන් බව කතාබහට ලක් විය. නමුත් ඔවුන් දෙදෙනා විසින් එය නිල වශයෙන් මාධ්‍යයට නිවේදනය කරන ලද්දේ 2016 වසරේදී ලන්ඩන් හී පැවති ඔලිවර් සම්මාන උලෙළේදීයී.

දේව මෙහෙයෙන් අනතුරුව නව යුවල අමුත්තන් හා එක් වූයේ රෝස් ලෙස්ලිගේ පවුලට අයත් බලකොටු ගොඩනැගිල්ලක් වන වෝඩ්හිල් හී දීය.

කිට් හා රෝස් ගේ විවාහ උත්සවයට Game of Thrones කතා මාලාවේ රංගන ශිල්පීන් රැසක් සහභාගී වූහ. ටිරියන් ලැනිස්ටර් හෙවත් පීටර් ඩින්ක්ලේජ්, ඩිනේරිස් ටාගේරියන් හෙවත් එමිලියා ක්ලාර්ක්, සොෆී ටනර්, මෛසි විලියම්ස්, මර්කස් මම්ෆෝර්ඩ්,බෙන් ලොවෙට්,මලින් ඇකර්මන් ඇතුලු බොහෝමයක් දෙනා ඒ අතර වූහ.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි