BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කිරුළු හටන ට සියවස් දෙකකට පෙර අග්නි ජාලා වාතලයට මුසුකළ මකර රජදහන: හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

කිරුළු හටන අවසාන වී වසර තෙවසරක් ගතවී හමාරය.. මකරුන් හටන ජයගත්තේ නැත.. එහෙත් කිසිවකු නොසිතූ මොහොතක මකරුන් නොකී අතීත කතාවක් මෙලෙස දිග හැරෙයි..

ප්‍රේක්ෂකයන් නොසතුට, දුක, කඳුළු [ඇතැම් විට කෝපය] මැද තනි කරමින් ලෝක ප්‍රකට ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ කතාමාලාව අවසාන වූයේ මීට තෙවසරකට ඉහත දී ය. නම වසරක් පුරා (2011 – 2019) ලොවක් බලා සිටි ‘මකර මාතාව’ ඩැනේරියස් ටාගේරියන් කිරුළු හටන ජය ගත්තේ නැත. ඈ පොරොන්දු වූ විමුක්තිය ලොවට උදාවූයේ ද නැත. ඇගේ පියා වූ ‘උමතු රජු’ හෙවත් දෙවන ඒරීස් මෙන්ම වියරු වැටෙමින් ‘රජවරුන්ගේ දේශය’ මකර ගිනි ජාලාවලින් ගිනිබත් කරමින් අහසින් පැමිණි ඩැනේරියස්ට අවසානයේ උදාවූයේ ඈ ප්‍රිය කළ ඇගේම ඥාති පුත්‍රයකු වන ජොන් ස්නෝ නිසා අවසන් ගමන් යෑමට ය. කිරුළ හිමි වූයේ වෘක දේශයේ බාල පුත් පසුව ‘තෙවැනි ඇස හිමි කපුටා’ යන විරුදාවලිය හිමිවූ බ්‍රැන් ස්ටාර්ක් නම් අබ්බගාත කොලුවාට ය.

නූතන ලොවට පවා මනාව ගැලපෙන දුෂ්ට දේශපාලන ක්‍රීඩා, සමාජ පිරිහීම්, මානව විරෝධී ක්‍රියා, ලිංගිකත්වවාදය සහ ස්ත්‍රී විරෝධය, මායාව, ෆැන්ටසිකරණය, ගිනිකෙළි, කඩු හරඹ, විශ්මකර්ම, සහ රාජාණ්ඩු තේමාවට සුසර කරමින් අනඟි ප්‍රේක්ෂක රසාස්වාදයක් ගෙන ආ ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාමාලාව එසේ අවසාන වෙද්දී, එහි පූර්වගාමී කතාමාලාවක් ලෙස ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ කතාමාලාව දිගහැරෙයි.

ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාමාලාවට පාදක වන ප්‍රබන්ධමය කාල පරිච්ඡේදයට වසර 200 කට පමණ ඉහත දී හටගත් සිදුවීම් මාලාවක් හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කාතාමාලාවෙන් දිග හැරෙන අතර, මෙම කතාවෙන් කියවෙන්නේ, කිරුළු හටනේ මකර මාතාව වූ ඩැනේරියස් ස්ටෝම්බෝර්න් හෙවත් ඩැනේරියස් ටාගේරියන් නියෝජනය කළ මකර ආනුභාවය හිමි ‘ටාගේරියන්’ රජ පෙළපතේ කඩා වැටීම සිදුවූ ‘මකරුන්ගේ රංගනය’ යන අන්වර්ථ නාමය හිමි කාලසීමාව පිළිබඳවයි. කිරුළු හටනේ නිර්මාතෘ ජෝර්ජ් ආර්.ආර්. මාටින් ගේ කෘතීන්ට අනුව සප්ත මහා රාජධානියේ පස්වන රජු බවට පත්වූ පළමු විසේරීස් ටාගේරියන් රජුගේ කාලසීමාව මෙම ටෙලි නාට්‍ය මාලාවට පාදක වී තිබේ.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පාදක වූයේ ජෝර්ජ් ආර්.ආර්. මාටින් විසින් රචිත ‘අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්’ නම් කෘති මාලාවයි. ද හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාවට පාදක වන්නේ මාටින් විසින් ටාගේරියන් පෙළපතේ ඉතිහාසය පිළිබඳව ලියූ ‘ෆයර් ඇන්ඩ් බ්ලඩ්’ නම් කෘති මාලාවයි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන් ටෙලිනාට්‍ය මාලාව ගේම් ඔෆ් ත්‍රොන්ස් පරිදි ම ‘එච්බීඕ’ නාලිකාවේ තිරගත කිරීමට මාටින් සහ රයන් කොන්ඩල් විසින් නිර්මාණය කර ඇත.

මෙම කතාමාලාව දැනට පරිච්ඡේද දෙකක් ලෙස විකාශය කිරීමට සැලසුම් යොදා ඇති අතර, පළමු පරිච්ඡේදයේ මංගල එපිසෝඩය විකාශය වූයේ ඉකුත් අගෝස්තු 21 වන දින ය. පළමු පරිච්ඡේදය එපිසෝඩ දහයකින් සමන්විත වන අතර, පැඩී කොන්සිඩින්, මැට් ස්මිත්, එමා ඩ‍’ආර්සි, මිලී අල්කොක්, රිස් ඉෆාන්ස්, ස්ටීව් ටවුසෙයින්ට්, ඊව් බෙස්ට්, සෝනොයා මිසුනෝ, ෆේබියන් ෆ්‍රැන්කෙල්, ඔලිවියා කුක්, එමිලි කේරි, ග්‍රැහැම් මැක්ටැවිෂ් ඇතුළු රංගධරයන් රැසකගේ රංගනයෙන් මෙම කතාමාලාව සමන්විත වේ.

සුපුරුදු පරිදිම හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාව ද ගේම් ඔෆ් ත්‍රොන්ස් මෙන්ම සංගීතයෙන් රසවත් කරන්නේ රමින් ජවාදි ය.

සබැඳි ලිපි:


දැයෙන් සමුගත් ‘රත්තරං කෙල්ල’ ගේ දේපළ වෙන්දේසියේ!

ප්‍රංශ සිනමාවේ විප්ලවවාදියා යාන්-ලුක් ගොඩාර්ඩ් දිවිසැරිය නිමා කරයි!

‘කොයි මිල් ගයා’ නොකී ‘ද ඒලියන්’ සහ කාලය අමතක කර දැමූ.. සත්‍යජිත් රායි

ලෝක සංචාර නොතකා තම සෞඛ්‍යය ගැන හිතන “JB “

ටොක්සික් පිරිමිකමට එන්නතක් විදින ‘ද බෝයිස්’ කතාමාලාවෙන් උගනීමට කරුණු 05ක්!

පිළිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩා!

“රොක් n රෝල්” රජු! සිත්වල සදා නොමැකෙන ප්‍රතිමූර්තිය… එල්විස් ප්‍රෙස්ලි”

විලෝපිකයා හමුවේ කරට කර ගැටෙන ගෝත්‍රික කෙල්ල… නාරූ

error: Content is protected !!
error: Content is protected !!