×

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

"අද(28) සවස් භාගයේදී අභාවප්‍රාප්ත වූ අපගේ ආදරණීය මිත්‍රයා සහ සේවාදායකයා වූ කූලියෝගේ වියෝව ගැන අපි කණගාටුවෙන් සිටින්නෙමු”


Artis Leon Ivey Jr. නැතහොත් Coolio ලෙස රසික හදවත් සොරා ගත් ඔහු රැප් ලොව නම කලඹවන්නට සමත් වූවෙකි. 1963 අගෝස්තු මස 01 වන දින උපත ලද මොහු වෘත්තීමය වශයෙන් ඇමරිකානු රැප් ගායකයකු, වාර්තා නිෂ්පාදකයෙකු, රංගන ශිල්පියකු පමණක් නොව තවත් භූමිකාවන්ට හිමිකම් කියන චරිතයකි.

කූලියෝ (Coolio) ගේ නිර්මාණයන් අතුරින් It Takes a Thief (1994), Gangsta’s Paradise (1995) සහ My Soul (1997) යන නිර්මාණයන් මනා ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ 1995 වර්ෂයේදී ග්‍රැමී සම්මානලාභී ජනප්‍රිය ගීතය වන “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” යන නිර්මාණය තුලිණි.

කූලියෝගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කතා කළහොත්, ඔහු 1996 වර්ෂයේදී Josefa Salinas සමඟ විවාහ විය. පසුව 2000 වර්ෂයේදී ඔවුන් දික්කසාද වීමට තීරණය කරන ලදී. එමෙන්ම ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි.

එදින 2022 සැප්තැම්බර් මස 28 වන දිනයයි.

ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි නිවන භටයින්ට සවස 4ට පමණ දකුණු චෙසපීක් මාවතේ 2900 වන නිවාස කොලනියෙන් ඇමතුමක් ලැබුණි. ඔවුන් එතනට යන විට යම්කිසි පුද්ගලයෙක් එහි වැටී සිටි බව දක්නට විය. එහිදී ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන අතර පසුව ඔහු මිය ගිය බව සනාථ වේ. ඒ වන විට ඔහු 59 වියෙහි පසු විය. පොලිසිය ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

“අද(28) සවස් භාගයේදී අභාවප්‍රාප්ත වූ අපගේ ආදරණීය මිත්‍රයා සහ සේවාදායකයා වූ කූලියෝගේ වියෝව ගැන අපි කණගාටුවෙන් සිටින්නෙමු” ලෙස කූලියෝගේ කළමණාකරුවෙකු වූ ෂීලා ෆිනේගන් විසින් මාධ්‍යට මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

මෙසේ අප අතරින් වෙන්ව ගිය ඔහු දක්ෂතා රාශියකින් හෙබි , රැප් ලොවට පෙරළියක් ගෙන එමින් ඔහුගේ නම රසිකයන් ගේ සිත්තුල සනිටුහන් කළ අමරණීය පුද්ගලයෙකි. ඔබට සුබ ගමන් කූලියෝ !

Nipuni liyanage

https://www.cnn.com/videos/entertainment/2022/09/29/coolio-death-police-describe-scene-sot-vpx-contd.kcal-kcbs



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි