×

ටජ් මහල් පරදන ”ගාසිපූර් කුණු කන්ද”

2020 වන විට ගාසිපූර් කුණු කන්ද මීටර් 73ක් උසැති ඉන්දියාවේ අතීත උරුමයක් වන ටජ්මහල් අභිබවා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.


ඉන්දියාවේ අගනුවර නව දිල්ලි නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ ලොව දූෂිතම අග නගරය ලෙසයි. නව දිල්ලිය ආශ්‍රිත නගරයක් වන ගාසි පූර්හී පිහිටා ඇති කුණු කන්ද ඉන්දියාවේ විශාලතම මෙන්ම උසම කුණු කන්ද ලෙස හදුන්වයි. මීටර් 65ක උසකින් යුතු මෙම කුණු කන්ද පිළිබදව මේ දිනවල වඩ වඩාත් කථා බහට ලක්ව ඇත්තේ ඒ සම්බන්ධව එරට අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවක්ද සමගිනි. මෙම කුණු කන්ද අධික උසකින් සමන්විත වීමත් සමග ඊට ගුවන්යානා ආරක්ෂිත සංඥා පද්ධතියක් it needs aircraft warning lights සකස් කළ යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධකරණය මගින් අනතරු අගවන ලදී.

ගාසි පූර්හී කුණු කන්ද ඉන්දියානුවන් විසින් හදුන්වන්නේ ”එවරස්ට් කන්ද ” නමිනි. ආශ්‍රිත ප්‍රදේශ වල වාසය කරන ජනතාව මිලියන 21 ක් විසින් ඉවත ලන අපද්‍රව්‍ය මෙම ගාසි පූර් කුණු කන්දට ගොඩ ගසනු ලබයි. මෙවැනිම කුණු කදු 3කින් ගාසි පූර් සමන්විත බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරයි. වන දිල්ලි පාලනාධිකාරිය පවසන්නේ ගාසි පූර් වෙත දින පතා කසල ටොන් 2000ක් පමණ එක් වෙන බවය. ඒ අනුව ගාසි පූර් කුණු කන්ද වාර්ෂිකව මීටර් 10 බැගින් ඉහළ යන බවද ඔවුන් ගණන් බලා ඇත.
ඒ අනුව 2020 වන විට ගාසි පූර් කුණු කන්ද මීටර් 73ක් උසැති ඉන්දියාවේ අතීත උරුමයක් වන ටජ්මහල් අභිබවා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

පාපන්දු ක්‍රීඩාංගන 40ක තරම් විශාලවත්යෙන් යුතු ගාසි පූර් කුණු කන්ද ගවයන්, සුනඛයින් , මීයන් ආදීන්ගේ රජ දහණ වී ඇත.

ලෝකයේ ප්‍රතිචක්‍රීය කරණය සදහා කසල අපනයනය කරන රටවල් අතරේ ඉන්දියාව ඉහළ ස්ථානයක සිටී. ඔස්ට්‍රේලියාව යනු ඉන්දියාවෙන් කසල අපනයන කරන රටවල් අතරේ සිවු වන ස්ථානයේ පවතින රටයි. ඔවුන් මෙම ගාසි පූර් කුණු කන්ද වෙත අවධානය යොමු කර ඇතත් ඔවුන් පවසන්නේද ගාසිපූර් කුණු කන්ද කළමනාකරණය කළ නොහැකි මට්ටමේ ඉතා විශාල එකක් බවයි.

ලොකයට විශාල ප්‍රමාණයෙන් කසල එක් කරන නගර අතරේ ඉන්දියාවේ නගර ඇත්තේ ඉතා ඉදිරියෙනි. වාර්ෂිකව ඉන්දියාව විසින් ජනනය කරන කසල ප්‍රමාණය ටොන් මිලියන 62කි. 2030 වන විට මෙය ටොන් මිලියන 165 දක්වා වැඩි වනු ඇති බවට ගණන් බලා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි