×

වසර 35 ට පසු හෙළිවූ අද්භූත ගාර්ෆීල්ඩ් දුරකථන අභිරහස

දිනක දෙකක කථාවක් නම් කුමක් හෝ සිතා ගන්නට ඉඩ තිබුණද වසර 35ක් තිස්සේ කුමන හෝ කොටසක් වෙරළට ගසාගෙන ඒම කිසිවෙකුටත් අමතක කළ නොහැක්කක් විය.


වසර 35ක් තිස්සේ ප්‍රංශයේ බ්‍රිට්නි පළාතේ අයිරොයිස් වෙරළ අවට වැසියන් ඉමහත් කුතුහලයෙන් මෙන්ම භීතියෙන්ද සිටි සිදුවීමක් වෙයි. ඒ සුප්‍රසිද්ධ කාටූන් චරිතයන් වන අප කවුරුත් දන්නා දඩබ්බර කම්මැලි පූසා ගාෆීල්ඩ්ගේ රුව සහිත වර්ණවත් ප්ලාස්ටික් දුරකථන කොටස් විටින් විට සුන්දර අයිරොයිස් වෙරළේදී දැක ගත හැකි වීමය. බොහෝ විට සෑඹ දිනකම පාහේ මෙම දුරකථන වල කොටස් එනම් ගාර්ෆීල්ඩ්ගේ මුහුණ සහිත රිසීවර, වයර් , හෝ තවත් කොටස් වෙරළට ගසාගෙන එන්නේය. වෙරළ පිරිසිදු කරන්නන් මෙන්ම ඇතැම් ප්‍රදේශ වැසියන්ටද මෙය උභතෝකෝටිකයක් විය. දිනක දෙකක කථාවක් නම් කුමක් හෝ සිතා ගන්නට ඉඩ තිබුණද වසර 35ක් තිස්සේ කුමන හෝ කොටසක් වෙරළට ගසාගෙන ඒම කිසිවෙකුටත් අමතක කළ නොහැක්කක් විය.

නමුත් Ar Viltansou නැමති පරිසර කණ්ඩායමක් විසින් මෙම උභකෝකෝටිකය විසදන්නට හේතු අනාවරණය කර ගන්නට සමත් වී ඇත.
අප මෙම උමග සොයා ගත්තා එය පුදුමාකාරයි. එය මීටර් 30ක් ගැඹූරුයි වගේම එහි පතුලේ කන්ටේනරය රැදී තිබෙනවා.
මුහුද ආශ්‍රිත උමගක් තුළ ගිලුණු කන්ටේනරයක තිබී මෙම දුරකථන කොටස් එකින් එක වෙරළට ගසාගෙන එන බව මෙම පරිසර කණ්ඩායම විසින් පවසයි..

1983 වසරේ මෙම දුරකථන කොටස් මුලින්ම දකින්නට ලැබුණ විට එම ප්‍රදේශ වාසීන් විසින් ද සැක කර තිබුණේ නැවක සිට මුහුදට වැටුණ කන්ටේනරයක තිබූ දුව්‍ය මෙසේ ගොඩ බිමට සේන්දු වන බවයි. නමුත් නිශ්චිතවම නිසි තොරතුරක් සාක්ෂි සහිතව අනාවරණය නොවී තිබිණි.

ෆේබියන් බොයිලෙයූ නැමති අයිරොයිස් වෙරළ උද්‍යාන අධ්‍යක්ෂකවරයා පවසන්නේ මෙම උභතෝකොටිකය සම්පූර්ණයෙන්ම නොවිසදුන බවයි. තවත් කොටසක් විසදා ගැනීමට ඉතිරිව ඇති බවයි. එනම් මෙම කන්ටේනරය මෙම උමගට ආවේ කෙසේද එය කවුරුන් හෝ හිතා මතා කළෙද.. එසේනම් ඇයි ආදී ගැටළු තවත් ඉතිරිව තිබෙන බවයි..
කම්මැලි සහ ලසඤ්ඤා වලට කෑදර පූසා ගාර්ෆීල්ඩ්ගේ කාටුනය 1978 වසරේදී ඇමරාකානු ජාතික ජිම් ඩේවිස් විසින් නිර්මානය කරන ලදී. එතැන් පටන් රූපවාහානී නාට්‍ය මාලාවක් සහ චිත්‍රපටයක් ලෙස අද දක්වාම ගාර්ෆීල්ඩ් ලෝකප්‍රකටය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි