×

යුරෝපයේ ගෑස් මිල අහස උසට

ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රාජ්‍යයන් විසින් සමාගම් ගණනාවකට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෑස් සැපයීම ගැටලුකාරී වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. මෙම නිවේදනයත් සමඟ ගෑස් තොගමිල අස්ථාවර විය.


රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන Nord Stream 1 ගෑස් නලය දින නියමයකින් තොරව වසා දැමන බවට රුසියාවේ බලශක්ති සමාගමක් වන Gazprom නිවේදනය කිරීමත් සමඟ යුරෝපයේ ගෑස් මිල 22%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපා රටවල් විසින් රුසියාවට සම්බාධක පැනවිමත් සමඟ රුසියාව බලශක්තිය අවියක් ලෙස භාවිතා කරන බවට අවස්ථා ගණනාවකදී යුරෝපය චෝදනා කළද, මොස්කව් එම චෝදනාව ප්‍රතික්ෂප කර ඇත.
රුසියාව විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ යුරෝපා සම්බාධක හේතුවෙන් සිය යටිතල පහසුකම් බීඳ වැටී ඇති බවයි. එමෙන්ම ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රාජ්‍යයන් විසින් සමාගම් ගණනාවකට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෑස් සැපයීම ගැටලුකාරී වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. මෙම නිවේදනයත් සමඟ ගෑස් තොගමිල අස්ථාවර විය.
එක්සත් රාජධානිය Nord Stream 1 මත රඳා නොපවතින නමුත්, යුරෝපයට සැපයුම් අත්හිටුවීමත් සමඟ ගෑස්වල සමස්ත පිරිවැය 35%කින් ඉහල ගොස් ඇත.

එක්සත් රාජධානියේ ටෝරි නායකත්වය බලාපොරොත්තු වන ලීස් ටෘස් මේ වන විට නව අගමැති වශයෙන් තේරී පත්ව ඇති අතර, ඇයගේ මැතිවරණ පොරොන්දු අතර බලශක්ති බිල්පත් සමඟ කටයුතු කිරීමට සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීම ඇයගේ ප්‍රධනතම රාජකාරිය ලෙස දක්වා ඇති අතර, ඒ හේතුව නිසාවෙන්ම ඇය බොහෝ දෙනෙගේ ආකර්ෂණයට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

යුරෝපා රටවල් කිහිපයක් මේ වන විට ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඉහළ යන බලශක්ති පිරිවැය සමඟ සාර්ථකව කටයුතු කිරීමට විවිධ සැලසුම් ඉදිරිපත් කර ඇත. ඒ අතර ජර්මනිය ස්වීඩනය මෙන්ම ෆින්ලන්තය බලශක්ති සමාගම් සඳහා සහය වීමට පවුම් බිලියන ගණනක නව පැකේජ හඳුන්වා දී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි