×

උතුරු අයර්ලන්තයේ සමරිසි ප්‍රජාවටත් විවාහ ගිවිස ගැනීමේ වරම්!

අයර්ලන්ත LGBTIQ ප්‍රජාව හට අද දින සුවිශේෂී වන්නේ බ්‍රිතාන්‍යයේ කලක පටන් උතුරු අයර්ලන්තයේ සමරිසි යුවල් හට විවාහ ගිවිස ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳ මතභේද පැවති හෙයිනි.


උතුරු අයර්ලන්තයේ සමරිසි විවාහ නීත්‍යානුකූලව පිළිගෙන තිබේ.

ඒ අනුව, සමරිසි යුවල් හට විවාහ ගිවිස ගැනීමේ නීත්‍යානුකූල අයිතිය මෙමඟින් ලැබී තිබේ.

වාර්තා වන පළමු විවාහෝත්සවය එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වෙනු ඇත.

අයර්ලන්ත LGBTIQ ප්‍රජාව හට අද දින සුවිශේෂී වන්නේ බ්‍රිතාන්‍යයේ කලක පටන් උතුරු අයර්ලන්තයේ සමරිසි යුවල් හට විවාහ ගිවිස ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳ මතභේද පැවති හෙයිනි.

උතුරු අයර්ලන්තයේ බලය බෙදීම පිළිබඳ මතුව තිබූ ගැටළුව 2019 ඔක්තෝබර් 21 දින වන විට යථා තත්ත්වයට පත් නොකරන්නේ නම්, ගබ්සා කිරීම් සහ සමරිසි විවාහ පිළිබඳ පවතින නීති දීර්ඝ කරන ලෙස යොදා තිබූ ව්‍යවස්ථා සංශෝධන වලට සහාය පළ කිරීමට නීති සම්පාදකයින් 2019 ජූලි මස කටයුතු කරන ලදී.

කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කොනෝර් මැක්ජින් විසින් උතුරු අයර්ලන්තයේ විධායක සැකැස්මට අදාල පනතට සංශෝධනයක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ උතුරු අයර්ලන්තය තුළ සමරිසි විවාහ සඳහා නීත්‍යානුකූල අවසරය ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

බොහෝ කලක් මුළුල්ලේ LGBTIQ ප්‍රජාව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකා තිබූ බවත්, අද (13) දින පටන් සමානාත්මතාවය ගරු කරන ආදරයට ඉඩ ලබාදෙන වටපිටාවක් උතුරු අයර්ලන්තය තුළ ද ගොඩ නැඟෙනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, දැනටමත් සිවිල් හවුල්කාරීත්වය මත ජීවත් වන පුද්ගලයින් හට එය විවාහයක් බවට පත් කර ගැනීමට මින් අවස්ථා උදා නොවනු ඇති බවද වාර්තා වෙයි.

එහෙත් සබඳතා පවත්වන සමරිසි යුවල් හට සිවිල් හවුල්කාරීත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම හා සමරිසි විවාහ චාරිත්‍ර ඉටු කිරීම සඳහා පල්ලි වල කාර්යභාරය පිළිබඳව උතුරු අයර්ලන්ත රජය විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇති බව ද වාර්තා වේ.

අද පටන් සබඳතා සිවිල් හවුල්කාරීත්වයක් බවට පත් කර ගැනීමේ වරම් විෂමරිසි යුවල් හටද ලැබෙනු ඇත.

සංස්කරණ දායකත්වය: ඡවිනි අභයසිංහ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි