×

අධිකරණයක් විසින් දඬුවමට පාත්‍ර වූ ඉහළම ශ්‍රේණියේ කතෝලික පූජකවරයා – කාදිනල් ජෝර්ජ් පෙල්

කතෝලික පල්ලිය යන්න ආරක්ෂිතම ස්ථානය බවට පත්කිරීමට කළ හැකි සියල්ල කළ යුතු බව ඕස්ට්‍රේලියානු කතෝලික සභාව මේ පිළිබදව කරුණු දක්වමින් කියා සිටී.


ඕස්ට්‍රේලියානු කතෝලික ප්‍රජාව නියෝජනය කළ පූජකවරුන් අතරේ ඉහළම ශ්‍රේණියේ පූජක වරයෙක් වූ කාදිනල් ජෝර්ජ් පෙල් හට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් පසුගියදා දැඩි දඩුවම් පමුණුවන ලදී.

ඔහුට මෙම දඩුවම් ලැබීමට හේතු වූයෝ ඔහු විසින් කුඩා දරුවන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ වරද සිදු කර ඇති බව අධිකරණයේදී ඔප්පු වීමත් සමගිනි.

පසුගිය සතියේ පැවති කතෝලික සමුළුවකදී පාප්වහනසේ විසින් කතෝලික පල්ලි තුළ සිදුවන අපයෝජනයන් සම්බන්ධව අවධානය යොමු කරන ලද අතර ඒක් සමග කාදිනල් පෙල් සම්බන්ධව කතිකාව උග්‍ර අතට හැරෙමින් තිබිණි.

77 හැවිරිදි කාදිනල් පෙල් විසින් 1996 වසරේදී මෙම වරද සිදු කර ඇති බවට අධිකරණයේදී ජූරි සභාව විසින් අනාවරණය කර ගෙන තිබූ අතර පසු ගිය දෙසෙැම්බරයෙන් පසු ඔහු සම්බන්ධව අධිකරන ක්‍රියාවලිය නීතිමය හේතූන් නිසා මාධ්‍යට ආවරණය වී තිබිණි.

ඒ අතර වාරයේ තමන් නිවැරදිකරුවෙක් යැයි කාදිනල් වරයා විසින් අභියාචනය කර තිබුණද එහිදීද ඔහු වරද කරු බව සනාථ වීම හේතුවෙන් ඔහුට දඩුවම් පැමිණවීමට අධිකරණය තිරණය කරන ලදී‍‍.


1996 වසරේදී ඔහු විසින් මෙ වරද සිදු කරන විට මෙල්බර්න් නුවර අගරදගුරුවරයා ලෙස ක්‍රියා කරමින් සිට ඇති අතර ඔහු අතින් අපයෝජනය වූ දරුවන් අවුරුදු 16ට වඩා අඩු අය විය. ඔවුන්ගෙන් ඒ අයෙක් පමණක් මේ වන විට ජීවතුන් අතර සිටින අතර ඔහු විසින් සිය ප්‍රකාශය ඉදිරිපත් කොට තිබිණි.

කතෝලික පල්ලිය යන්න ආරක්ෂිතම ස්ථානය බවට පත්කිරීමට කළ හැකි සියල්ල කළ යුතු බව ඕස්ට්‍රේලියානු කතෝලික සභාව මේ පිළිබදව කරුණු දක්වමින් කියා සිටී.

ලෝකය පුරු 1970 වර්ෂයට පෙරද කතෝලික පූජනීය ස්ථාන සහ ළමා අපයෝජනයන් සම්බන්ධව කරුණු විවෘතව කථා කළද ඉන් පසුව ඒ පිළිබදව තොරතුරු වාර්ථා වී නැත. නමුත් 1980 වසරේදී නැවතත් එවැනි චෝදනා එල්ල වෙමින් පැවතියේ කැනඩාව සහ ඇමරිකානු පූජකවරුන් වෙත චෝදනා එල්ල වීමත් සමගිනි.

1990 දී අයර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක මෙවැනි තත්ත්වයන් වාර්ථා වූ අතර රටවල් 12කට වඩා ප්‍රමාණයක් ඒ අතර විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි