×

කොරෝනා ව්‍යාප්ත වීම වළැක්වීමට ජර්මනියේ පොදු ස්ථාන වසා දමයි

ජර්මානු නගර වන බර්ලින් සහ කොලෝන් සෙනසුරාදා කොරෝනා වසංගතය වළක්වනු වස් , සියලු බාර්, රාත්‍රී සමාජශාලා, සිනමාහල් සහ ප්‍රසංග ශාලා සහ පොදු ස්ථාන වසා දැමීමට නියෝග කළේය.


ජර්මානු නගර වන බර්ලින් සහ කොලෝන් සෙනසුරාදා කොරෝනා වසංගතය වළක්වනු වස් , සියලු බාර්, රාත්‍රී සමාජශාලා, සිනමාහල් සහ ප්‍රසංග ශාලා සහ පොදු ස්ථාන වසා දැමීමට නියෝග කළේය.

පුද්ගලයන් 50 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන සියලුම පොදු හා පොදු නොවන උත්සව හා සිදුවීම් තහනම් බව බර්ලින් සෙනෙට් සභාව අද තීරණය කළේය. පිහිනුම් තටාක, කෞතුකාගාර, ජිම් සහ ගණිකා නිවාස ද වසා දමන බව බර්ලිනයේ ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කොලෝන් නගරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බාර්, ඩිස්කෝ, සිනමාහල් මෙන්ම විනෝද ආකේඩ් අප්‍රේල් 10 වනදා දක්වා වසා තබන බවයි. ආගමික සේවාවන් ද නගරය විසින් තහනම් කර තිබේ.

නගර දෙකම පැවසුවේ අවන්හල් විවෘතව පවතින බවයි.

ඉතාලියේ, ස්විට්සර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ සිට ආපසු පැමිණෙන පුරවැසියන්ගෙන් රෝග ලක්ෂණ නොමැති වුවද, කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සති දෙකක් දක්වා ස්වයං-නිරෝධායනය වන ලෙස සෙනසුරාදා ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි