×

ගැහැණු, පිරිමි, අන්තර් ලිංගික ලෙස ජර්මනිය තෙවන ලිංගික අනන්‍යතාව නීතිගත කරයි

අන්තර් ලංගික අවස්ථාවේ පසුවන ජීව විද්‍යාත්මකව කාන්තාවක හෝ පුරුෂයෙක් ලෙස තමන්ව හඳුන්වා දිය නොහැකි පුද්ගලයන් හට ඉදිරියේදී තමන්ටම වූ අනන්‍යතාවකින් තමන් හඳුන්වා දීම් අවස්ථාව උදා වී ඇත


ජීව විද්‍යාත්මකව නිෂ්චිතවම ස්ත්‍රී හෝ පුරුෂ ප්‍රභේදයන් දෙකට අයත් නොවන පුද්ගලයින් සඳහා රාජ්‍ය හැඳුනුම් පත තුළ “diverse”හෙවත් විවිධ යන්න යටතේ තමන් හඳුන්වා දෙන්නට ජනතාවට හැකි වන සේ ජර්මනිය විසින් මෙම වසරේ ජනවාරි පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල හැඳුනුම් නීතිය වෙනස් කර ඇත‍.
අන්තර් ලංගික අවස්ථාවේ පසුවන ජීව විද්‍යාත්මකව කාන්තාවක හෝ පුරුෂයෙක් ලෙස තමන්ව හඳුන්වා දිය නොහැකි පුද්ගලයන් හට ඉදිරියේදී තමන්ටම වූ අනන්‍යතාවකින් තමන් හඳුන්වා දීම් අවස්ථාව උදා වී ඇත.

රාජකාරී ලිපි ලේඛන තුළ මෙසේ තමන් අයත් වන්නේ කුමන ලිංගික ප්‍රභේදයකටදැයි යන්න ප්‍රකාශ කිරීමටනම් ඒ සඳහා වෛද්‍ය සහතිකයක් නිකුත් කිරීමෙන් අනතුරුව සිදු කිරීමට හැකකි බව ජර්මනිය විසින් හඳුන්වා දුන්න නව නීතියේ සඳහන් වේ.
පිරිමි සහ ගැහැණු සංලක්ෂයන් දෙකම සමග ඉපැදෙන පුද්ගලයින් අන්තර් ලිංගික පුද්ගලයින් ලෙස හඳුන්වනු ලබයි. මේ වන වි ලෝකයේ රටවල් බෙහෝමයක් විසින් අන්තර් ලිංගික ලක්ෂණ සහිත පුද්ගලයින් වෙනුවෙන් සිය අනන්‍යතාව නීත්‍යනුකුලව භාවිත කිරීම සඳහා නීති රීති සකස් කර ඇත.
ජර්මනියට සමානව ඔස්ට්‍රියාවද මෙසේ නීති ගෙන ආ අතර නවසිලන්තය. මෝල්ටාව, ඉන්දියාව සහ කැනඩාව ඒ අතර වෙයි.
එකසත් ජාතීන් පවසන පරිදි ලෝකයේ ජනගහනයෙන් සියයට 1.7%ක් අන්තර් ලිංගික ලක්ෂණ සමඟ උපත ලබයි.
මීට ඉහතදී 2013 වසරේදී ජර්මනිය අන්තර් ලිංගික ලක්ෂණ සහිත පුද්ගලයින් සඳහා තමන් අයත් වන්නේ ස්ත්‍රී හෝ පුරුෂ යන්නෙන් කුමකටද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දුන් අතර 2017 වසරේදී එරට ඉහළ අධිකරණය විසින් කියා සිටියේ එසේ කිරීමෙන් ඔවුන්ට අසාධාරණයක් වන බවයි. පුද්ගලයෙකු කාන්තාවක ලෙස ලියාපදිංචි වූ පසු ඔහු සිදු කරන ලද වර්ණදේශ පරීක්ෂණයකදී ඔහුව පිරිමි හෝ ගැහැණු ලෙස කිසිදු ප්‍රභේදයකට අයත් නොවීම මත මෙම තීරණය ලබා දෙන ලදී

පසුගිය දෙසැම්බරයේ ජර්මන් පාර්ලිමේන්තුව විසින් මෙම නීතිය සම්පත කරන ලද අතර මෙම වසරේ ජනවාරි පළමු දින සිට එය ක්‍රියාත්මක වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි