×

හෝමුස් නාවික මෙහෙයුමට එන්නැයි ඇමරිකාවෙන් ගෙනා ඉල්ලීමට ජර්මනිය පිටුපායි

ඉරානයට එරෙහි ඇමරිකාවේ ක්‍රියාකලාපය වැරදියි - ජර්මනිය කියයි


ඇමරිකාව මූලිකත්වය දරන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික මෙහෙයුමට එක්වීම ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කර ඇත‍. ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් පවසන්නේ ඉරානයට එරෙහිව හෝමූස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ඇමරිකාව මූලිකත්වයෙන් සිදු කරන නාවික මෙහෙයුම් සදහා තම රට සහභාගී නොවනු ඇති බවයි.

මෙම සතිය මුලදී ඇමරිකාව අවධාරණයෙන් කියා සිටියේ තම රට විසින් සිදු කරන මෙම මොහයුම සදහා ජර්මනිය සහ අනෙකු යුරෝපා රටල් වල දායකතුවය හිමි වනු ඇති බවයි.
විශේෂයෙන්ම ගල්ෆ් කලාපය තුළ ඉරානය සහ ඇමරිකානු විරසකය මුල්කරගත් අර්බුදය මේ වන විට උඩුදුවමින් පවතී. ඉරානය පවසන්නේ මේ කිසිවකින් තමන් ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ අනෙකුත් ක්‍රියාකාරකම් වලකන්නට ඇමරිකාවට නොහැකි වන බවයි. පසු ගිය මාස කිහිපය තුළ හෝමූස් ආශ්‍රිතව ඇමරිකාවට සහ බ්‍රිතාන්‍ය නෞකා අත් අඩංගුවට ගත් බවට ඉරානයට විරුද්ධව චෝදනා එල්ල විය . හෝමුස් සමුද්‍රසන්ධිය යනු ලෝකය තුළ පරිභෝජනය වන තෙල් ප්‍රමාණයෙන් 20%ක ප්‍රමාණයක් හුවමාරු වන මරමස්ථානයකි.

ජර්මනිය පවසන්නේ ඉරානයට එරෙහි ඇමරිකානු ක්‍රියාකලාපය එනම් උපරිම පීඩනයක් එල්ල කිරීම වැරදි බවයි. ගල්ෆ් කලාපය තුළ සිදු කරන හමුදාමය මෙහෙයුම් සදහා ජර්මනියේ හභාගීත්වය සම්බන්ධව බාධක කිහිපයකි. ජර්මානු සමාජවාදී ප්‍රජාතන්ත්‍රික විපක්ෂය ඊට එක් හේතුවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි