×

ජර්මනියේ කොරෝනා හේතුවෙන් පැනවූ සීමා සෙමෙන් ලිහිල් වේ

මර්කල් මහත්මියගේ නිවේදනය මගින් සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කළ නවතම යුරෝපීය රට ජර්මනිය බවට පත් කරයි.


ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විසින් කොරෝනා වෛරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ගෙන එන ලද සීමාවන් සෙමෙන් ලිහිල් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත.

අවම වශයෙන් මැයි 3 වනදා දක්වා සමාජ දුරස්ථ නීති රීති ක්‍රියාත්මක වන අතර වෙළඳසැල්වල සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ භාවිතා කිරීම මර්කල් මහත්මිය නිර්දේශ කරයි.

නමුත් ලබන සතිය වන විට යම් ප්‍රමාණයකට වෙළඳසැල් විවෘතකිරීමට හැකියාව ලැබෙනු ඇත. පාසැල් ක්‍රමයෙන් මැයි 4 සිට නැවත විවෘත වනු ඇත.

වෛරසය පාලනය සඳහා පසුගිය කාලය තුළ අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග තුළින් රට “අතරමැදි සාර්ථකත්වයක්” ලබා ඇති බව මර්කල් මහත්මිය පැවසුවාය. එමෙන්ම ඇය පැවසුවේ තවදුරටත් අවධානයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.

ආගමික සේවාවන් ඇතුළු විශාල මහජන රැස්වීම් අගෝස්තු 31 දක්වා තහනම් වේ. බාර්, කැෆේ, අවන්හල්, සිනමා ශාලා සහ සංගීත ස්ථාන සියල්ලම තවදුරටත් වසා තබනු ඇත.

ජර්මනියේ රොබට් කොච් ආයතනයට (RKI) අනුව, රට තුළ රෝගීන් 127,584 ක් වාර්තා වී ඇති අතර මරණ 3,254 ක් වාර්තා වී තිබේ.

මර්කල් මහත්මියගේ නිවේදනය මගින් සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කළ නවතම යුරෝපීය රට ජර්මනිය බවට පත් කරයි. මේවන විට ඩෙන්මාර්කය වයස අවුරුදු 11 දක්වා ළමුන් සඳහා පාසල් සහ පෙර පාසල් නැවත විවෘත කර තිබේ. ස්පාඥ්ඥයේ ඉදිකිරීම් හා නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ වෙමින් පවතී. ඔස්ට්‍රියාවේ කුඩා වෙළඳසැල් දහස් ගණනක් අඟහරුවාදා නැවත විවෘත කරන ලද අතර, මැයි 1 වනදා සිට ටෙනිස්, ගොල්ෆ් සහ මලල ක්‍රීඩා වැනි එළිමහන් ක්‍රීඩාවලට ඉඩ දෙනු ඇත. ඉතාලියේ සමහර ප්‍රදේශ පොත් සාප්පු සහ ළමා ඇඳුම් වෙළඳසැල් නැවත විවෘත කර තිබේ

කෙසේවෙතත්, ප්‍රංශය සිය ලොක්ඩවුන් පියවර තවත් සති හතරක් දක්වා දීර්ඝ කර තිබේ. අවම වශයෙන් මැයි 3 වනදා දක්වා බෙල්ජියම සිය සීමාවන් පවත්වාගෙන යනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි