×

යුරෝපා සංගම් මුල් පුටුවට ප්‍රථම වරට කාන්තාවකගේ නමක් යෝජනා කෙරේ

ප්‍රධාන තනතුරු දෙකටම කාන්තාවන් ගේ නම්


යුරෝපා සංගමයේ ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්ථාවකගේ නමක් යෝජනා විය.
ඒ ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරියා වන උර්සුලා වොන් ඩර් ලියෙන් ගේ නමයි. මේ අතර යුරෝපීය සංගම මූල්‍ය ආයතනය වන European Central Bank (ECB) හී ප්‍රධානියා ලෙසද මුල්‍ය රමුදලේ ප්‍රධානි ලෙස කටයුතු කළ ක්‍රිස්ටීන් ලගාර්ඩේ ගේ නම යෝජනා වී ඇත.‍

මේ සම්බන්ධය සියළු සාමාජිකයන්ගේ ධනාත්මක මතයන් පවතින අතර අයර්ලන්ත අගමැතිවරයා පවසා සිටියේ යුරෝපා සංගමයේ ප්‍රධාන තනතුරු ද්විත්වය සදහාම කාන්තාවන්ගේ නම් යෝජනා වීම තුළ යුරෝපා සංගමය ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය කෙරේ දක්වන උනන්දුවට හොද උදාහරණයක් වනු ඇති බවයි.


මේ අතර යුරෝපා සංගමයේ තවත් ප්‍රධාන තනතුරු තුනක් සදහා නම් යෝජා වී ඇති අතර යුරෝපා සංගම් සභාපතිත්වය සදහා බෙල්ජියම් අගමැති ධූරය දැරූ චාර්ල්ස් මයිකල්, යුරෝපා සංගම් විදෙස් ප්‍රතිපත්ති ප්‍රධානියා ධූරය සදහා ස්පාඤ්ඤයේ ජෝෂප් බොරෙල්ගේ නමත් යෝජනා වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි