×

කැබින් කාමරයේ සිහිසුන් තරුණිය – 1 කොටස

කපිතාන් මාටින් කැයිඩින් විසින් ලියන ලද ‘ගෝස්ට් ඔෆ් දි එයා“ සත්‍ය කතා මාලාවේ එක් කතාන්දරයක සිංහල පරිවර්තනයයි.


කැබින් කාමරය තුළ ගැබිණි තරුණියක් සිහිසුන් ව වැතිර සිටියාය. දෛවය විසින් ගුවන් යානය නමැති දාදුකැටය උඩ දමන්ට පටන් ගත්තේය.

බොහෝ නියමුවෝ විශේෂයෙන්ම ගුවන් පැය අතින් අති විශාල ගණනක් ගෙවා ඇති පැරණි සගයෝ ඉතා වටිනා අත්දැකීම් සම්භාරයක උරුම කරුවෝ වෙති. ඒවායේ යථාර්ථය කොතරම් අරුම පුදුම දෙයක් බොහෝවිට ඒවා අසන්නෝ ගොළුවන් බවට පත්වෙති.

අප මෙහි කතා පවසන්නේ කාටද යන්න ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් යුතුය. එයට හේතු තිබේ. විටෙක අපට කියන්නට තිබෙන්නේ කාර්මික ශිල්ප ක්‍රම වලට බොහෝ සෙයින් සම්බන්ධ කතා පුවත්ය. තවත් විටෙක යන්ත්‍රයක් මතුපිට අයිස් තට්ටු තැන්පත් වීම ගැන කතාය. එසේනම් මහ සයුරට ඉහළින් ගමන් කරද්දී එන්ජිමක් හදිසියේම ක්‍රියා වී විරහිත වූ ආකාරය පිළිබඳවය. එසේත් නැතිනම් යානයට අකුණු පහරක් වැදුණු අවස්ථාවක්.. නමුත් මේවා පළපුරුදු ගුවන් නැවිකයෙකුට ඔහුගේ ජීවිතය හා සම්බන්ධ තවත් සිද්ධි කතා සම්භාරයක් පමණි. කෙසේ වෙතත් විශේෂයෙන් කිව කිව යුත්තක් තිබේ. විශ්වාස කළද නොකළද එය එසේ සිදුවිය.

ඒ මතකය යළි කැඳවීම සඳහා මා ඔබ එක්දහස් 1940 දශකයේ අග භාගය වෙත කැඳවාගෙන යා යුතු වෙයි. ගුවන් සේවාවට අයත් එන්ජින් 44 යානයක අණදෙන නිලධාරියා සහ කපිතාන්වරයා වශීයෙන් ජීවිතය ඇරඹූ සමයයි. එය දැඩිව ශීත සෘතුව හඳුන්වා දීම වඩාත් උචිතය. ඊට හේතුව එම කාලගුණය නිසා පළපුරුදු රියදුරන් පවා අනතුරේ වැටීම පමණක් නොවේ. බොහෝ නියමුවන්ගේ ජීවිතය හා මරණය යන දෙකින් එකක් තීරණය කරන සාධකය ද වූ බවයි. කාලගුණය විසින් ගුවන් යානය සතුව හිම තට්ටු බැඳ දමයි. අහස හාත්පස ඝන අඳුරු වළාකුළු ය. රියදුරු අසුනේ පවා හිම බැඳෙන සුලු ය. එන්ජින් වරින්වර සිරවෙයි. ලෝහ පවා කැඩෙන සුලු බවට පත්වෙයි. ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානා සුළඟ නිසා ගල් ගැසී නතර වීමට ඉඩ තිබේ.

දැන් කතාවට බහිමු අපි chicago ගුවන් තොටුපළේ පිටත් වූයේ ‘බඩු තොගයක්‘ පටවා ගැනීමෙන් ඉක්බිතිවය. සාමාන්‍යයෙන් චිකාගෝ සිට බර්බෑන්ක් දක්වා අප යෙදෙන්නේ ඉතාම හුරුපුරුදු ගුවන් චාරිකාවකි. නමුත්අපිට දැනුම් දුන්නේ මෙවර අපගේ ගමනාන්තයේ වෙනසක් සිදුවී ඇති බව ය. ‘‘ඔබලා යන්න ඕනේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්වලට“ යැයි ඔහු කීවේය. කදිම අදහසක්! එයින් ප්‍රමුදිත විය හැකිය. සත්‍ය වශයෙන්ම අප ඒ වන විට ඒකාකාර ගමන් මාර්ගය නිසා වෙහෙසට පත්ව සිටියෙමි. අනෙක් අතට මෙය අතරමැදි නැවතුම්පොළ නිසා අපට අමතර ගෙවීමක් ද ලැබෙනු නිසැකය.

අප චිකාගෝවලින් භාණ්ඩ තොගයක් ද පටවාගෙන ගමන් ඇරඹී යැයි මේ කියවන ඔබ සිතන්නට ඉඩ තිබේ. නමුත් එය වැරදි අදහසකි. ‘භාණ්ඩ තොගය‘ යනුවෙන් අදහස් කළේ මගීන් තොගයයි. අපගේ ආසන පුරා පිරී සිටියේ ජීවමාන භාණ්ඩ තොගයකි. අපේ ඩීසී – 4 අලුත් මාදිලියේ වාණිජ ගුවන් යානයක් නම් නොවේ. එය අතිරික්ත sky මාස්ටර් යානයක් මගීන් ප්‍රවාහනය සඳහා වෙනස් කිරීමෙන් තනන ලද්දකි. අපි චිකාගෝ වලින් පිටත්වීම යානය දැන් තිබෙන්නේ අඩි එකොළොස් දහසක් ඉහළ අහසේ ය. ඒ ගැන තවත් විශේෂයක් මෙහිදී කිව යුතු ය. මේ යානය බොහෝ වාර ගණනක්කදී බොහෝ අය විසින් පිරික්සුම්ට ලක් කර තිබීම සහ බොහෝ දෙනා එහි තත්වය පිළිබඳව කදිම සහතික ලබා දී තිබේ. ඒවාට අනුව එන්ජින් රන් හා සමානය. පිටවන හඬ පවා නිරෝගීය. ඉහළ දී පවා අනවශ්‍ය මුණු මුණුවක් කෙඳිරියක් ඒවායින් පිට නොවන තරම් ය.

කිසිම ආකාරයකින් අද තිබෙන මගී ප්‍රවාහන ගුවන් යානා වලට සමාන නොවේ. එසේම මෙය විවිධ ගුවන් යානයක වැඩිදියුණු කළ ආකෘතියක් බවට කීමට කැමැත්තෙමි. යානය තුළ මගීන් එකසිය විසි දෙනකු ගෞරවනීය ලෙස හැසිරීම මගේ සිරිතක් හා පුරුද්දක් වූ නිසාම මම මේ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමි. බහුතර විශ්වාසය මහා මේ රාත්‍රීයේ මෙතරම් දුරක් තමන්ව ආරක්ෂක ගෙනයා හැකිය යන විශ්වාසය ද්‍රෝහි වෙමින් ඔවුන්ගෙන් වැඩි දෙනා අප විශ්වාස කරමින් සිටියහ.

අප මෙම ගමන් කරමින් සිටියදී ප්‍රකට ගුවන් පථය ඔස්සේ ඉලෙක්ට්‍රොනික පරිපථ මගින් පමණක් සලකන තිබෙන අහසේ ඇති මාර්ගයට ඉහළින් ගමන් කරන බවට හැඟීමක් අප තුළ ඇති වී තිබිණි. එයට හේතුව නම් අපට පහළින් ඉතාම ප්‍රබල හිම කුණාටු ඇති වෙමින් හා පැතිරෙමින් තිබූ නිසාය. සැබැවින්ම එවන් රාත්‍රියක හිම කුණාටුවකට හසුවන පහතින් ගමන් කිරීමට සිදු නොවීම ගුවන් යාත්‍රිකයන් වන අපගේ ද මගීන්ගේ මෙන්ම යානයද භාග්‍යයකි. නියමු කුටියෙන් පිටත බැලූ විට පවා දිස්වන්නේ සන්සුන් රාත්‍රී අහසකි. අප කොතරම් ඒකාකාර වේගයකින් ගමන් කරමින් සිටිය ද යත් එය නිශ්චිතතාවය හැම අතින් ම සමාන විය. සැබැවින්ම අපි රාත්‍රී අවකාශය තුළ අතරමං වී සිටියෙමි. අපට පහළින් පොළොව ඉතා මන්දගාමී පැතිර සිටියේ පහළ වැටීම නිසා සුදු පාට ෙකඳු මුදුන් සහිත පෘථිවිය එකම රිදී පළසකි. කුඩා ගුවන් වීමට පවා ඉතාම කලා කලාතුරකින් දක්නට ලැබෙන ආකාරය දර්ශනීය ය.

තවත් ගුවන් සැතපුම් රාශියක් ගත කිරීමේ නොහොත් කාන්සිය කෙසේහෝ ඉවසා දරාගෙන කාලය කා දැමීමේ අරමුණින් යුතුව අපි නිශ්චල වීමු. සන්සුන් හෝ කෝපි කෝප්පයක් පානය මඟ ගෙවා යද්දී අපට හමුවන ක්‍රියාකරන පොළොව සමඟ සම්බන්ධ වී රේඩියෝවේ අප ආපදා හදිසි කටහඬ වලට පිළිතුරු දෙමින් සිටියෙමි. ඉදිරියට ඉදිරියේ තිබූ අවසාන ගමනාන්ත කරා අපි ඇදෙමින් සිටියෙමු. සැබැවින්ම ගමනාන්තය ස්වයංක්‍රීය බවට වඩා අවිනිශ්චිත බවින් පිරී ගිය එකකි. අපේ සිතුවිල්ල ඇති වූ යම් යම් ස්වයංක්‍රී රිය අනතුර ඇඳුමක් නිසා අපි හැම කෙනෙකු බලා සිටියේ යානය උපකරණවල කියවීම් දෙසය.

මේ පියාසැරිය යහපත් එකක් විය යුතුය. එසේ විය හැක්කේ ඉතා සීරුවෙනි. යන්ත්‍රය ගොදුරක් ලැබී තෘප්තිමත් වුණු විසල් බිලාළයෙක් විලස පුරු පුරු ගාමින් සිටි අතර, රාත්‍රී සාමකාමී සුන්දර කාලගුණය අපට පහතින් විය.

දෛවය කරුමය විසින් සීතල දාදුකැටය උඩ දමන්ට පටන් ගත්තේය. ගුවන් සේවිකාවක් නියමු කුටිය වෙත ආවාය. ඇගේ මුහුණේ තිබුණේ අනතුරක සේයාවකි. ඔබේ පළමු සිතිවිල්ල වනු ඇත්තේ යානයේ යාන්ත්‍රික පද්ධතියේ කිසියම් දෝෂයක් බව විය යුතු වුවත් මේ වතාවේ එය එසේ නොවේ.

‘‘කැප්ටන්, අපේ එක මගියෙකුට අමාරුයි! පුංචි ළාබාල චීන යුවතියක්.. එයා ගැබිණියක්.. ඒත් අමාරු වුණේ හදිසියේම.,“

‘‘කැබින් කාමරය මැද බිම වැටිල හිටියා. එයාට සිහි නෑ.“බිඳුණු පිළිතුර පැමිණියේය.

‘‘ඔබ කියන්නෙ එයාට බබා ලැබෙන්න ඔන්න මෙන්න කියලද?“

‘‘ඔව් සර්, එයාගෙ තත්වෙ හරිම භයානකයි.‘‘

‘‘ඔබ වෛද්‍යවරයෙකුට කතා කළාද?“

‘‘ඔව්.‘‘ ගුවන් සේවිකාව තම අප්‍රසාදය නොසඟවා පළ කළාය. ‘‘ඒත් යානයෙ වෛද්‍යවරයෙක් නෑ.“

‘‘ඔබ මේ කියවන්නේ, ඔබට නොව වෙනත් කිසිවෙකුට උද්ගතව තිබෙන – හදිසි තත්වයක සිරවී සිටින මගේ කතාවයි. පියවි සිහිය පළා ගිය ගැබිණි යුවතියක් ආසන පේළි දෙක අතර ඉඩෙහි වැතිර පණ අදිමින් සිටින්නීය. යානයේ වෛද්‍යවරයෙකු නොමැත. ඒ මදිවාට අප සිටින්නේ වෙරළට අඩි එකොළොස් දහසක් ඉහළනි.

අවසාන කොටස – ඩයබ්ලෝ කැනියොමේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි