×

අනතුරු අඟවා හැරෙන තැපෑලෙන් ‌කඩා වැටුණු මහා ගල් පර්වතය

බ්‍රසීලයේ සුන්දර දිය ඇලි බහුල සංචාරක පාරාදීසයක සිරි නරඹමින් සිටි පිරිසක් වෙතට අති දැවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමේ පුවතක් වාර්තා වේ.


දකුණු දිග බ්‍රසීලයේ දියඇල්ලක් පාමුල යාත්‍රාවකට මෙසේ ගල් කුට්ටියක් කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙක් පමණ ජීවිතක්ෂට පත් වූහ. තුවාළ ලද ගණන 9කට අධික ය.

කැපිටලියෝ හි ජලාශයකට ඇද හැළෙමින් තිබූ දියඇල්ලක් ආශ්‍රිත ගල් පරයක් මෙසේ පතිත වී තිබෙන්නේ දැඩි වර්ෂාපතනය හේතුවෙන් එය බුරුල් වී යාම නිසා ය.

දියඇල්ල පාමුල තිබූ බෝට්ටු දෙකක් සිද්ධිය නිසා විපතට පත් විය. සෙසු යාත්‍රාවලින් 24 දෙනෙකු මුදා ගැනීමට බ්‍රසීල නාවික හමුදාව සමත් විය. තවත් 20 දෙනෙක් පමණ අතුරුදන් වී ඇති බවට සැක පළ කෙරේ.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙවැනි ස්ථානවල සිරි නැරඹීමට යාමේදී ප්‍ර වේශම් වන ලෙසට බ්‍රසීල බලධාරීන් විසින් අනතුරු අඟවා පැය කිහිපයක ට පසු මෙම අනතුර සිදුව ඇති බව ද වාර්තා වේ.

දැවැන්ත ගල් කුට්ටිය ගැළවී ඇද වැටෙන ආකාරය එම ස්ථානයේ සිටි කිහිප දෙනෙකුගේ කැමරාවල සටහන් වී තිබූ අතර, එම වීඩියෝ ඊයේ දිනයේ පටන් සමාජ මාධ්‍යවල වයිරල් වෙමින් තිබේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි