×

කොරෝනා අස්සේ සුළි සුළං

පැසිෆික් කලාපයේ ඇතිවූ පෙර නොවූ විරූ තරම් ප්‍රභල සුළු කුණාටුවක් වනුවාටුවාවට බලපා ඇති අතර මේ හේතුවෙන් රට තුළ බලපැවැත් වුණු සියළු සමාජ දුරස්ථ වීම් නීති නොතකමින් සුළි කුණාටුවෙන් බේරීමට ජනතාවට කටයුතු කිරීමට සිදු වී ඇත.


පැසිෆික් කලාපයේ ඇතිවූ පෙර නොවූ විරූ තරම් ප්‍රභල සුළු කුණාටුවක් වනුවාටුවාවට බලපා ඇති අතර මේ හේතුවෙන් රට තුළ බලපැවැත් වුණු සියළු සමාජ දුරස්ථ වීම් නීති නොතකමින් සුළි කුණාටුවෙන් බේරීමට ජනතාවට කටයුතු කිරීමට සිදු වී ඇත.

මෙම හැරල්ඩ් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 250 ක් දක්වා වේගයකින් ගමන් කරන එය අතර 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක ශක්තියට ළඟා වෙමින් පවතින්නක බව සදහන්. වසර පහක් තුළ වනුවාටු හී විශාලතම දූපත වන එස්පිරිටු සැන්ටෝ වලට පහර දුන් ප්‍රබලතම කුණාටුව බවට පත්ව ඇත.

සඳුදා එස්පිරිටු සැන්ටෝවට පහර දී සුළි කුණාටුව පැය කිහිපයකට පසු ගිනිකොන දෙසින් පෙන්තකොස්ත දූපත දෙසට ගමන් කළේය. තවද එය දිවා කාලයේදී තව දුරටත් ප්‍රභල වූ අතර සුළං වේගය පැයට සැතපුම් 270 දක්වා ඉහළ ගිය අතර ගමන් වේගය පැයට සැතපුම් 300 ඉක්මවා ගියේය.

Vanuatu: Giant storm Harold hits Pacific nation - CNN

අද දිවා කාලය වන විට වනුවාටු දූපත් හරහා සුළං අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

අනතුරු අඟවා තිබුණි. සමහර සන්නිවේදන මාර්ග කඩාකප්පල් වී ඇති අතර මෙම කුණාටුව මගින් අධික වර්ෂාපතනයක් සහ දූපත් වල පහත් බිම් ප්‍රදේශයන්හි හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වනුවාටු කාලගුණ විද්‍යා හා භූ උපද්‍රව දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණි.

කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මාර්තු 26 වන දින වනුවාටු රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් රට තුළට සහ ඉන් පිටත ගුවන් ගමන් නතර කළේය. විදේශ අමාත්‍යංශයට අනුව, අවසන් ජාත්‍යන්තර ගුවන් ගමන මාර්තු 21 වන දින පිටත් විය.

වෛරස ආසාදිතයන් පිළිබඳ කිසිදු තහවුරු වී නොමැති නමුත් පුද්ගලයින් පස් දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ සමාජ රැස්වීම් තහනම් කර ඇති අතර රාත්‍රී 7: 30 වන විට සියළු වෙළද සැල් වසා දැමීමට නියෝග කර තිබේ. රාත්‍රී 9න් පසු පොදු ප්‍රවාහන ගමන් වාරද අවලංගු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි