BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ජෝර්ජියා මෙලෝනි දිවුරුම් දෙයි

මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක්

අන්ත දක්ෂිණාංශික නායිකා ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම්දී තිබේ.

පශ්චාත්-ෆැසිස්ට් පක්ෂයක අළු මත 2012 දී පිහිටුවන ඇගේ පක්ෂය වන බ්‍රදර්ස් ඔෆ් ඉතාලි සැප්තැම්බර් අග පැවති හදිසි මැතිවරණයෙන් සියයට 25 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව සභාග හවුල්කාරීත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ විය. ඒ අනුව යමින් ඊයේ(22) දිනයේදී සිය ඇමතිවරුන් 24 සමඟ ඇය දිවුරුම් දෙනු ලැබූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් කාන්තාවන් වන බව කියැවේ.


ඉතාලියේ පවතින තත්වය පිළිබඳව නිරීක්ෂකයන් දක්වා ඇත්තේ රට මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක් බවයි.


යුරෝපීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ දේශපාලන විශ්ලේෂක ටොමසෝ ග්‍රෝසි පවසා තිබුණේ ඇගේ දේශපාලන ඉරණම ආර්ථිකය සමඟ බැඳී පවතිනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි පුවත් : ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට


ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා; විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි.

‘දේශගුණිත අර්බුද වලින් විපතට පත් රටවලට චීනයද ආධාර කළ යුතුය’- හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්

බ්‍රසීලයේ 16 හැවිරිදි ළමයෙකු කරන ලද වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!