×

ගබ්සා කිරීමට අවසර නොළත් 11 හැවිරිදි ආර්ජන්ටිනා දැරිය දරුවෙකු බිහි කරයි.

11 හැවිරිසි දැරිය මනොවෛද්‍යවරුන් සමග පවසා ඇත්තේ '' වයසක මිනිසෙක් විසින් තමන්ගේ සිරුර තුළ බලහත්කාරයෙන් ඇතුල් කළ දෙය ඉවත් කිරීමට තමන් වෙත අවසර ලබා දෙන ලෙසයි.


අපයෝජනයට ලක් වූ වයස අවුරුදු 11ක දැරියක විසින් සිදු කරන ලද දරු ප්‍රසූතියකින් පසුවද ආර්ජන්ටිනා රජය විසින් ගබ්සාව නීති ගත කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ පිළබදව මේ වනවිටත් එරට ජනතාව වීදි බැස ඇත්තේ අවශ්‍යම මොතක වුවද කාන්තාවන්ට තමන්ට වී පීඩනය දරා සිටීමට සිදු වීම බරපතල අසාධාරණයක් බව පවසමිනි.

දූෂණයට ලක්වීමෙන් පසු ව ගැබ් ගත් 11 හැවිරිදි දැරියක විසින් එරට රජයෙන් ගබ්දා කිරීමේ අයිතිය තමන් වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය. නමුත් එරට රජය එය ප්‍රතික්ෂේප කරන ලදී.

ඇගේ මව සහ තවත් ආර්ජන්ටියානු කාන්තා අයිතිවාසිකම් පිළබද සංවිධාන රැසක් විසින් රජයට බල කර සිටියේ මෙම 11 හැවිරිදි දැරිය වෙත බලහත්කාරයෙන් සිදු කරන ලද දූෂණය නිසා ඈට ගැබ් ගැනීමට සිදුවීමෙන් ඇය ඉතාමත් අපහසුතාවට පත්ව තිබීම හේතුවෙන් ඇයට ඒ සදහා ගබ්සා කිරීමේ අයිතිවාසිකම ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් රජය විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සති විසි තුනක් ඇතුලත ඈ සිසේරියන් සැතකමකට ලක් කිරීමෙන් පසු ඇය දරුවෙක් බිහි කළාය. එම බිළිදා යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බව වෛද්‍යවරුන්ගේ මතයයි.

තමන්ව තමන්ට වඩා ඉතා වයස් ගත වැඩිහිටියකු විසින් බලහත්කාරයෙන් දූෂණයට ලක් වීම පිළිබදව එම 11 හැවිරිසි දැරිය මනොවෛද්‍යවරුන් සමග පවසා ඇත්තේ ” වයසක මිනිසෙක් විසින් තමන්ගේ සිරුර තුළ බලහත්කාරයෙන් ඇතුල් කළ දෙය ඉවත් කිරීමට තමන් වෙත අවසර ලබා දෙන ලෙසයි.
සිය අත්තම්මාගේ 65 හැවිරිදි පෙම්වතා අතින් ඇය මෙසේ දූෂණයට ලක් වී ඇති අතර ඇගේ වැඩිමල් සොයුරියන් දෙදෙනාද ඇගේ මවගේ පෙම්වතුන් විසින් දූෂනයට ලක් වී ඇතැයි වාර්ථා වේ.

ආර්ජන්ටිනාව තුළ ගබ්සා කිරීම තව දුරටත් නීති විරෝධී වන අතර 1921 නීති ය මගින් දූෂණය කිරීමක් හේතුවෙන් හෝ කාන්තාවකගේ ජීවිතය අනතුරට පත් අවස්ථාවකදී ගබ්සා කිරීම නීත්‍යානු කළ වුවද මෙම දැරිය සම්බන්ධ එරට අධිකරණය විසින් දක්වා ඇත්තේ වෙනස්ම අදහසකි. එම දැරිය දරුවෙකු බිහි කිරීම සදහා සුදුසු ශාරීරික හා මානසික සෞඛය තත්ත්වයක සිටින බව එරට අධිකරණය විසින් තීරණය කිරීමෙන් අනතුරුව දැරියට ගබ්සා කිරීම සදහා යොමු වීමට අවස්ථාව නොදුන් හ.

කෙසේ වෙතත් දැරියගේ ගර්භනී කාලය සති 23ක් වන තෙක්ම ඇයට ඒ සදහා අවශ්‍ය අවසරය ලබා නොදීමත් සමග ඇය විසින් දරුවා බිහි කරන ලදී,
මේ පිළිබදව එරට කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ සංවිධාන පැවසුවේ කාන්තා අයිතිවාසිකම් ලෙස ගබ්සාව සදහා අයිතිවාසිකම ඔවුන්ට ලබා නොදීමත් සමග අධිකරණය විසින් සුදුසු වෛද ප්‍රතිකාරයන් සදහා යොමු වීමට නොහැකි ඒ සදහා හැකියාවක් නොමැති කාන්තාවන් අසරණ කාන්තාවන් අපහසුකාවට ලක් කර ඇති බවත් ඒ හේතුවෙන් සෑම තත්ත්පර 90කට වරක් ආර්ජන්ටිනාව තුළ නීතිවිරෝධී ලෙස ගබ්සාවන් සිදුවන බවත් පවසයි. ඒ අනුව සෑම වසරකම ආර්ජන්ටිනාව තුළ සුදිවන අනාරක්ෂිත ගබ්සාකිරීම් සංඛ්‍යාව 450000කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි