×

කොවිඩ් ආසාදිතයන් කෝටි 02 පන්නයි

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.


චීනයේ වූහාන් නගරයේ සිට ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොවපුරා පුද්ගලයන් කෝටි දෙකකට වඩා වැඩි පිරිසකගේ ශරීර ආක්‍රමණය කර තිබෙනවා.

අද (10) උදෑසන වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙකෝටි විසිපන් දහස් හත්සිය අසූ හතරකි. (2,00,25,784)

වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 734,012 ක් වන අතර මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 6,391,455 කි.

ඔවුන්ගෙන් 64,661 ක් බරපතල අසාධ්‍ය තත්වයේ පසුවේ.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

එරට තුළ පුද්ගලයන් මිලියන 5.2 කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 165,617 කට වෛරසය හේතුවෙන් සිය ජීවිතය අහිමි වී තිබේ.

දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් මිලියන 03 කට වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් මෙතෙක් වාර්තා වී ඇති අතර 101,136 කට සිය ජීවිතය අහිමි වී තිබේ.

ඉන්දියාවෙන් මිලියන 2.2 ක ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ 44,466 ක් වාර්තා වී තිබෙනවා.

මෙම රටවල් 03 තුළ තවමත් වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිර යන අතර දෛනිකව පුද්ගලයන් 500 කට වඩා මියගිය ලැයිස්තුවට ඇතුළත් වෙමින් තිබේ.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි