×

Gmail අකුරු වැරදි ඉබේ හදන තාක්ෂණය – Gmail Al

Google Docs - ගූගල් ඩොකියුමන්ට්ස් සඳහා මෙතෙක් පැවති මෙම පහසුකම, ඉදිරි සති 2 ක කාලය තුළ G Mail සඳහා ද ලැබීමට නියමිත ය.


Google Docs’ AI corrections තාක්ෂණය දැන් ජී මේල් වෙත ද සම්ප්‍රාප්ත වීමට නියමිත ය.
G Suite හි නවතම විශේෂාංගය වශයෙන් මෙය ඉදිරියේදී ඔබට දැකගත හැකි වනු ඇත.

මෙම autocorrect විසඳුම ගූගල් ඩොකියුමන්ට්ස් හි ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන අයට අලුත් අත්දැකීමක් නොවේ. හැම විටම අක්ෂර වින්‍යාස ගැන අවධානයෙන් සිටිය යුතු නැති වුවත්, වැදගත් ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම තීරණාත්මක රාජකාරි කටයුතුවලදී ද අක්ෂර වින්‍යාසයේ ඇති වැරැද්දකට කළ හැකි විනාශය විශාල ය. එනිසා, මෙම විශේෂාංගය ජී මේල් වෙත ද හඳුන්වා දීමට ගූගල් සමාගම කල්පනා කර ඇත.

ඊට අමතරව grammar suggestions සමග විකල්ප වචන හඳුන්වා දීම ද මෙහිදී සිදුවනු ඇති. උදාහරණයක් වශයෙන්, වාක්‍යයේ තේරුමට නොගැළපෙන පරිදි “affect” සහ “effect” වචන යනාදිය එහිදී ඔබේ අවධානයට ක්ෂණිකව යොමු කිරීමට නියමිත ය.

මෙම විශේෂාංගය optional එකකි. එනම් උවමනා නම් එම යෝජනා කරන වෙනස්කම් නොසලකා හැරීමට ද ඔබට පුළුවන.

සබැඳි – G Suite Updates



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි