×

Googleට එරෙහි නවතම තරඟකරු; Neeva

පරිශීලකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි මෑතකදී නිකුත් කළ Search Engine එකක් වන්නේ Neeva වේ.


තාක්ෂණයේ දියුණුවත් සමග විටින් විට අප වෙත සමීප වන නව තාක්ෂණික මෙවලම් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී.

එලෙස අප වෙත පැමිණෙන නවතම මෘදුකාංග අතරට Search Engine ද ඇතුළත් වීම ඉතාම සුලභ දසුනකි.

මේ වන විට පරිශීලකයන් හට භාවිතා කළ හැකි Search Engine විශාල ප්‍රමාණයක් පවතින නමුත් යම් යම් කාල තුළදී විවිධ අදහස් කරලියට පැමිණෙන්නේ Search Engine තුළ පරිශීලකයාගේ දත්ත වලට ඇති ආරක්ෂාව අවම වීම, තෙවන පාර්ශවයන් සඳහා දත්ත මුදා හැරීම සහ Tracking වැනි පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ ක්‍රියාවලි හේතුවෙනි.

නමුත් පරිශීලකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි මෑතකදී නිකුත් කළ Search Engine එකක් වන්නේ Neeva වේ.

මෙමගින් කිසිඳු ආකාරයක පරිශීලකයාගේ දත්ත මුදා හැරීමක් හෝ අනවසර භාවිතයක් සිදු නොකරන බවත් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය 100% ආරක්ෂා කරන Search Engine එකක් වන බවත් දන්වා සිටී.

මූලික හැඳින්වීමක් ලෙස සඳහන් කිරීමේදී Search Engine එකක් යනු මෘදුකාංගමය වැඩසටහනක් වන අතර එය අන්තර්ජාලය තුළින් භාවිතා කරන පුද්ගලයා ට අවශ්‍ය තොරතුරු ඔහු විසින් ඇතුළත් කරනු ලබන Keywords යොදාගෙන ලබාදීමයි.

මෙලෙස පරිශීලකයා විසින් ලබාදෙන Keywords භාවිතා කර අන්තර්ජාලයේ පවතින දහස් සංඛ්‍යාවකින් යුත් වෙබ් අඩවි තුළින් අවශ්‍ය තොරතුරු ඉතාමත් වේගවත්ව සහ නිරවද්‍යව ලබාදීම සිදු කිරීම Search Engine එකක් මගින් සිදුවන ප්‍රධානතම කාර්යය වේ.

අප හට මෙවැනි Search Engine විශාල ප්‍රමාණයක් එදිනෙදා හමුවන අතර ඒ අතරින් Google, Yahoo, Bing, Ask වැනි යෙදවුම් වඩාත් ජනප්‍රිය ඒවා වේ.

Neeva තම පරිශීලකයින් වෙත වඩාත්ම සමීප වීමට හේතුව ලෙස දැකිය හැක්කේ එමගින් වෙනත් Search Engine වල දී අත්දැකීමට සිදුවන Ads භාවිතා වීම නොමැතිකමයි. මෙම Ad-Free පහසුකම මෙහි ජනප්‍රියතාවයට මහඟු පිටිවහලකි.

පරිශීලකයන් විසින් ලබාදෙන Keywords වලට අදාළ නිවැරදි තොරතුරු ඉක්මණින් හා නිරවද්‍යව ලබාදීම ද මෙහි ඇති ප්‍රධාන පහසුකමකි.

SOURCE: neeva.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි