×

Google Plus වසා දැමේ..පරිශීලක ඔබගේ ගිණුමේ දත්ත සුරැකිව ඔබ ලග තබා ගන්නා ක්‍රමය මෙන්න

ලබන අප්‍රේල් 2 වෙනිදා සිට මෙම සමාජ ජාල අඩවිය ක්‍රියාත්මක නොවන අතර සියලුම පරිශීලකයන්ගේ දත්තද මේ මගින් මකාදැමීමට ගුගල් ආයතනය කටයුතුකරනු ලබනවා.


2011 වසලර්දී ගූගල් සමාගම විසින් හදුන්වාදුන් Google Plus සමාජ ජාල අඩවිය වසා දැමීමට කටයුතු කරන බවට පසුගියදා නිල වශලයන් එම සමාගම දැනුම් දී තිබේ..පරිශීලකයන් මිලියන 395 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින මෙම සමාජ ජාල අඩවිය වසාදැමීමට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ එම අඩවිය භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත කාන්දුවීමක් පදනම් කරගෙනයි..

ලබන අප්‍රේල් 2 වෙනිදා සිට මෙම සමාජ ජාල අඩවිය ක්‍රියාත්මක නොවන අතර සියලුම පරිශීලකයන්ගේ දත්තද මේ මගින් මකාදැමීමට ගුගල් ආයතනය කටයුතුකරනු ලබනවා. මෙම මකාදමනු ලබන දත්ත අතරින් ඔබට ලබාගතහැකි දත්ත පහත ලැයිස්තුලවන් දැක්වේ.

  • ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ පෝස්ටු කමෙන්ටු
  • ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ එකතුවන් (collections)
  • ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ ඉසවු සහ ආරාධනය ලැබුණු ඉසවු (events)
  • ඔබගේ Google Plus ගිණුමේ දත්ත ඔබ සාමාජිකත්වය දැරූ සමූහ වල විස්තර (communities)

ඉහත සදහන් දත්ත මකා දැමීමක් සිදුකරද අප්‍රේල් 2ට පෙර එම දත්ත ලබාගැනීමට Google Plus පරිශීලකයන්ට හැකියාවක් තිබෙනවා. ඒ පහත දැක්ලවන යොමුවට ගොස් ඔබගේ google plus ගිණුමේ දත්ත භාගත කරගැනීමෙන් හෝ නැත්නම් ඒ දත්ත අඩංගු ගොනුව තමන්ගේ google drive වෙත සුරැකිමෙන්ය https://takeout.google.com/settings/takeout/custom/circles,plus_one,plus_communities,stream

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

                                                                                      



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි