×

“Best Toilet Paper In The World” ගූගල් කළ විට ප්‍රතිඵලය පාකිස්ථාන කොඩිය ?

ගූගල් සමාගම පවසා ඇත්තේ එවැන්නක් සිදුව ඇත්නම් ඒ පිළිබදව පරීක්ෂණ සිදු කරන බවත් සැළකිය යුතු තරම් සාක්ෂි ඊට ලැබී නොමැති බවත්ය


පසුගිය දින කිහිපය පුරා ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලොව හොඳම වැසිකිළි පිස්නාවන් එනම් “best toilet paper in the world” සොයන විට පිළිතුරු ලෙස පාකිස්ථාන කොඩිය දැක ගත හැකි වූ බව වාර්තා වේ.

පසුගිය 14 දා කාශ්මීර අර්බුදය හේතුවෙන් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනෙකුට මරණය කැදවූ පුලුවාමා ප්‍රහාරයෙන් පසු මෙසේ පාකිස්ථාන කොඩිය ගූගල් ඔස්සේ දැක ගත හැකි වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

“best toilet paper in the world” යන්න ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇතුල් කළ විට වැඩි වශයෙන්ම මෙසේ පාකිස්ථාන කොඩිය දැක ගත හැකිවීම පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ඇතුල් කිරීම් හා ප්‍රවෘත්ති වාර්තා හේතුවෙන් මෙවැන්නක් සිදුව ඇති බවයි.

කෙසේ නමුත් ගූගල් සමාගම පවසා ඇත්තේ එවැන්නක් සිදුව ඇත්නම් ඒ පිළිබදව පරීක්ෂණ සිදු කරන බවත් සැළකිය යුතු තරම් සාක්ෂි ඊට ලැබී නොමැති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි