×

ගූගල් ‌ ‌දේශපාලන දැන්වීම් වලට තිත තියයි

මෙතෙක් කල් සිදු වූයෙ පරිශීලකයා ‌‌ගේ ගූගල් ‌සෙවුම් දිශාව ‌දෙස බලා ඔහු ‌හෝ ඇය කුමන ‌දේශ පාලන මතයක් දරනු ඇතිදැයි සමීක්ෂණය කර ඔවුන් ඉලක්ක කරගනිමින් ‌දේශ පාලන දැන්වීම් පල කිරීමය


ගූගල් සමාගම තවදුරත් පුද්ගලයින් ගේ දේශපාලනික නැඹූරුව මූලික කරගනිමින් දැන්වීම් පළ කිරීමට දේශපාලන ප්‍රචාරණ වලට අවස්ථාව ලබා නොදෙන බව ගූගල් සමාගම පවසයි.

යූ ටියුබ් සහ ගූගල් සෙවුම් වැනි අන්තර්ජාල වේදිකාවන් ඔස්සේ ගූගල් පරිශීලකයින්ගේ දත්ත පදනම පසෙක ලා තම ඡන්ද දායකයින් වෙත ගැලපෙව පරිදි ප්‍රචාරක ව්‍යාපාර සිදු කිරීමටද මින් පසු ඉඩ ලබා නොදෙනු ඇත.

මෙම ප්‍රතිපත්තිය මූලික වශයෙන් තවත් සතියක් තුළ බ්‍රිතාන්‍යයේ ආරම්භ වනු ඇත. පරාශීලකයාගේ ස්ත්‍රී පුරුෂභාවයථ සහ ස්ථානය මත පදනම්ව ඉලක්ක වූ දැන්වූම් ප්‍රචාරයකිරීමට ව්‍යාපාරයන්ට තවදුරටත් හැකිය
ඒමෙන්ම ෆේස්බුක් හී ගූගල් හා සම්බන්ධ ව පල කරන දැන්වීම් වල නොමග යවන අයුරේ ප්‍රකාශ සම්බන්ධවද තමන් පැහැදිල්වම ක්‍රියා කරන බවද ගූගල් සමාගම පවසයි.

ෆේස්බුක් ප්‍රධානී මාක් සකර්බර්ග් පවසන්නේ තම සමාජ මාධ්‍ය ජාලය විසින් දේශ පාලන අපේක්ෂක යින්ගේ හෝ ප්‍රචාරක කටයුතු වලදී ඒ්වායේ සත්‍ය කරුණු පරීක්ෂා නොකරන බවයි.

මේ අතරතුර පසුගිය දා ට්විටර් සමාගම විසින් දේශ පාලනය මුල් කරගත් වෙළද දැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.

“ශක්තිමත් දේශපාලන සංවාදය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් බව අපි පිළිගනිමු. සෑම දේශපාලන ප්‍රකාශයක්ම, ප්‍රති-හිමිකම් පෑමක් සහ අවවාදයක් බුද්ධිමත්ව විනිශ්චය කිරීමට කිසිවෙකුට නොහැකිය” යනුවෙන් ගූගල් දැන්වීම් සඳහා ගූගල් හි නිෂ්පාදන කළමනාකරණ අංශ ප්‍රධානී ස්කොට් ස්පෙන්සර් බදාදා ප්‍රකාශයට පත් කළ බ්ලොග් සටහනක සඳහන් කරයි. .

“එබැවින් අපි මෙම ක්‍රියාමාර්ගය මගින් නවතන දේශපාලන දැන්වීම් ගණන ඉතා සීමිත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු – නමුත් පැහැදිලි උල්ලංඝනයන් සඳහා අපි එය දිගටම කරගෙන යනු ඇත.” ඔහු තවදුරටත් පවසයි.

මෙතෙක් කල් සිදු වූයෙ පරිශීලකයා ‌‌ගේ ගූගල් ‌සෙවුම් දිශාව ‌දෙස බලා ඔහු ‌හෝ ඇය කුමන ‌දේශ පාලන මතයක් දරනු ඇතිදැයි සමීක්ෂණය කර ඔවුන් ඉලක්ක කරගනිමින් ‌දේශ පාලන දැන්වීම් පල කිරීමය. ඉදිරියට ඒම ක්‍රියාවලිය ක්‍රමයෙන් නවතා දමනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි