×

ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරු කිට් හැරින්ග්ටන් ආතතිය හා මධ්‍යසාර ඇබ්බැහිවීම නිසා පුනරුත්තාපන සහය පතයි

නව වසරක තම රංගන ජීවිතයේ හුස්ම පොද මෙන් වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව අවසාන වීමත් සමඟ ආතතියට පත්වූ කිට් හැරින්ග්ටන් පුනරුත්තාපන සහය පතයි.


පසුගිය මැයි 19 වන දිනින් අවසන් වූ සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ජොන් ස්නෝ ගේ චරිතය රඟපෑ කිට් හැරින්ග්ටන් පුනරුත්තාපන සහය ලබමින් සිටින බවට වාර්තා වේ. මෙයට හේතුව වන්නේ තම රංගන ජීවිතයේ හුස්ම පොද මෙන් වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව අවසාන වීමයි.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසාන එපිසෝඩ එළි දැක්වෙන කාලසීමාව තුළ “පෞද්ගලික අවශ්‍යතාවන්” මත හැරින්ග්ටන් පුනරුත්තාපන සහය පැතීමට තීරණය කළ බව සඳහන් වන අතර, මේ පිළිබඳ විමර්ෂණයකදී හෙලිවී ඇත්තේ පරිච්ඡේද 8කින් සමන්විත ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ඛේදජනක හා හැඟීම්බර අවසානය හමුවේ හැරින්ග්ටන් ආතතියට පත්ව ඇති බවයි. වසර නවයකට අධික කාලයක් පුරා අඛණ්ඩව විකාශය වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව බිලියන ගණනක් වූ ප්‍රේක්ෂක හද දිනා ගත් අතර, එහි රංගනයේ නිරත වූ ඇතැම් රංගන ශිල්පීන් හට තම ජීවනාලය බඳු විය.

ආතතියට අමතරව මෙම තත්ත්වය තුළ මධ්‍යසාර වලට ඇබ්බැහි වීමද හැරින්ග්ටන් පුනරුත්තාපන සහය පැතීමට හේතුවක් බව සඳහන් වේ.

කිට් ගේ නියෝජිතයකු සඳහන් කළ ආකාරයට, තම විවේකය සඳහා යහ-සෞඛ්‍ය මධ්‍යස්ථානයක යම් කාලයක් නැවතී කාලය ගත කිරීමට ඔහු තීරණය කර ඇත. කොනෙටිකට් හි ප්‍රයිව්-ස්විස් නම් වන, මසකට ඩොලර් එක්ලක්ෂ විසිදහසක් (පවුම් අනුහතර දහසක්) පමණ අය කරන යහ-සෞඛ්‍ය මධ්‍යස්ථානයකට යාමට කිට් විසින් සැලසුම් කර ඇති අතර, එහිදී ඔහු මනෝවිද්‍යාත්මක පුහුණු, ඥානාත්මක හැසිරීම් චිකිත්සා සහ භාවනා සම්බන්ධ වැඩසටහන් වලට සම්බන්ධ වියහැකි බවද වැඩිදුරටත් වාර්තා වේ. ඔහුගේ බිරිඳගේද පුර්ණ සහාය ඇතිව ඔහු මීට මසකට පමණ පෙර ඉහත කී මධ්‍යස්ථානයට ඇතුලත් වූ බව පැවසේ.

එමිලියා ක්ලාර්ක් හා කිට් හැරින්ග්ටන්, මකර මාතාව ඩැනේරියස් ටාගේරියන් හා ජොන් ස්නෝ ගේ චරිතයට පණ පොවමින්..

තමන් වසර ගණනාවක් පුරා රංගන කටයුතු කළ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව අවසන් වීම කිට් ට ඉතා තදින් බලපෑ ඇත. එමෙන්ම, තමන් මීළඟට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක ද ඔහු සිටියි. නෙඩ් ස්ටාර්ක් ගේ සුජාත නොවන පුත්‍රයා ජොන් ස්නෝ නමින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වේදිකාවට පැමිණෙන කිට් හැරින්ග්ටන් වේදිකාව හැර යන්නේ ටාගේරියන් පෙළපතේ කිරුල හිමි ඒගොන් ටාගේරියන් බවට පත් වෙමිනි. ජොන් ස්නෝ චරිතයට පණ පෙවීමට කිට් මුලින්ම පැමිණෙන්නේ වයස 23 දීය. එමඟින් ජනාදරයට පාත්‍ර වන තරුණ කිට් හැරින්ග්ටන් තම කඩවසම්භාවය ඉදිරියේ ප්‍රේක්ෂිකාවන්ගේ පමණක් නොව, ඇතැම් විට ප්‍රේක්ෂකයන්ගේ ද සිහින කුමරා බවට පත්වන්නේ වැඩි කලක් ගත නොවෙමිනි.

හැරින්ග්ටන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ අවසන් පරිච්ඡේදයේ තිරපිටපත මුල්ම වරට කියවීමෙන් සංවේදී වූ මොහොත

කිට් විසින් මෑතකදී ප්‍රකාශ කල ආකාරයට, කතාමාලාවේ සයවැනි පරිච්ඡේදය පටිගත කර අවසන් වූ වහාම ඔහු මානසිකව වැටුණු අතර, තමන් හට හුරු පුරුදු රංගන ඇඳුම් පැළඳුම් ඉවත් කර දැමීම ඔහුට දැනුනේ තම ‘සම ගලවනවා’ සේය. ඔහු පැවසූවේ, ‘මාහට නැවතත් රඟපෑමට සිදුනොවීම පිලිබඳ සැනසීමක් මෙන්ම ශෝකයක් තිබුණා.’ නැවතත් එම චරිතයට අදාළ දෙය සිදුකිරීමට නොහැකිවීම පිලිබඳ දුකක් දැනුණු බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. කතා මාලාවේ තිරගත කිරීම 2018 ජුලි මස අවසන් වූ අතර, අටවන හා අවසන් පරිච්ඡේදය තිරගත කිරීම අප්‍රේල් මස ආරම්භ වී, මැයි 19 වන දින අවසන් විය. 2011 සිට අනෙකුත් නළු නිලියන් සහ තිරගතකිරීමේ කණ්ඩායම තම පවුල බවට පත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, කතාමාලාවේ යිග්‍රිට් ගේ චරිතය රඟපෑ සහය නිලි රෝස් ලෙස්ලි පසුගිය ජුනි මස විවාහ කරගත් බවද කිට් පැවසුවේය.

කිට්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් හැර වෙනත් කිසිඳු රඟපෑමට අදාළ කටයුත්තකට තවමත් අත ගසා නැත. නමුත් පසුගිය මාසය තුළ අඳුරු තේමාවන් මත පදනම්වූ නාට්‍යය වලට සමුදීම ආරම්භ කළ ඔහු පවසා ඇත්තේ, වඩාත් සෞම්‍ය රංගන චරිත වලට දායකවීමට කැමති බවය. හාස්‍යජනක රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වීමටද කැමැත්තක් ඇති කිට්, බොළඳ වැඩ කිරීමට තමා කැමති බව ද, ඒවා කිරීමට තමන්ට අවශ්‍ය බවද පැවසුවේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි