×

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තැතක්

ලෝරා කුවෙන්ස්බර්ග් පවසන්නේ මේ පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් දැන සිටි අතර එය විශාල අර්බුදයක් වීමට නියමිත බවයි.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙසට එරට රජයෙන් ඉල්ලා සිටින්නැයි බ්‍රිතාන්‍ය රජය රැජින වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බවට බී බී සී පුවත් සේවය අනාවරණය කරයි.

බීබීසී සේවයේ දේශපාලන පුවත් සංස්කාරක ලෝරා කුවෙන්ස්බර්ග් සදහන් කරන්නේ බොරිස් ජොන්සන් නව අගමැතිවරයා ගේ සැළසුමක් අනුව මෙය සිදුවන බවයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සදහා අවසන් දිනය වන ඔක්තොම්බර් 31 වන දිනට පෙර බ්‍රිතාන්‍ය මහ රැජිව විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත කථාව සදහා කල් ගැනීම මෙමගින් අපේක්ෂා කරන්නට ඇතැයි ඇය සදහන් කරයි.


පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන් පසු බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට එරරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු නීතියක් සම්මත කර ගැනීමට අවස්ථාව එහිදී නොලැබෙනු ඇත.

පාර්ලිමේන්තු සභා වාරය එසේ අවසන් කිරීමට උත්සහා කිරීම අර්බුදයක් වී ඇති අතර එහිදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධව ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයට බාධා එල්ල විය හැකි බව විචාරක මතයයි. .


ලෝරා කුවෙන්ස්බර්ග් පවසන්නේ මේ පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් දැන සිටි අතර එය විශාල අර්බුදයක් වීමට නියමිත බවයි.
බොරිස් ජොන්සන් අගමැතිවරයා තමන්ට කෙසේ හෝ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කිරීමේ වෑයම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බව මින් පෙර ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එළැඹෙන ඔක්තොම්බර් 31 වනදාට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇති බව විචාරක මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි