×

සමරිසි ක්‍රියාකාරී නිකොලස් යට්‍රොමනෝලකිස් ග්‍රීසියේ කැබිනට් අමාත්‍යධුරයකට!

LGBT+ ප්‍රජා නියෝජනය ග්‍රීක රජය තුළ පැවතීම එරට LGBT+ ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.


නිකොලස් යට්‍රොමනෝලකිස් ග්‍රීසියේ කැබිනට් අමාත්‍යධුරයකට පත්වූයේ ඉකුත් 04 වන දින ය.

විශේෂත්වය නම් නිකොලස් තම සමරිසිභාවය පිළිබඳව විවෘතව කතා කළ දේශපාලඥයකු වීමයි.

ඒ අනුව සමරිසි ලිංගික දිශානතිය පිළිබඳ විවෘත දේශපාලඥයකු ග්‍රීසියේ කැබිනට් අමාත්‍යධුරයකට පත්වන පළමු අවස්ථාව මෙය වේ.

නිකොලස් එරට සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යධුරය හොබවයි.

මීට ඉහත නිකොලස් එම අමාත්‍යංශයේ මහලේකම් වශයෙන් කටයුතු කළ අතර, ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කයිරියාකොස් මිට්සොටාකිස් මහතා ගේ කැබිනට් සංශෝධනයෙන් අනතුරු ව ඔහු මෙම ධුරයට පත්ව තිබේ.

මධ්‍ය-දක්ෂිණාංශික දේශපාලන ධාරාවක් අනුගමනය කරන රජයක් විසින් ග්‍රීසිය පාලනය කරනු ලැබේ.

ග්‍රීක පුවත් වෙබ්අඩවියක් වන ටා නී අනුව, නිකොලස් සිය දේශපාලන ජීවිතය තුළ LGBT+ අයිතීන් වෙනුවෙන් බොහෝ සෙයින් වාචික වූ පුද්ගලයෙකි.

මෙලෙස LGBT+ ප්‍රජා නියෝජනය ග්‍රීක රජය තුළ පැවතීම එරට LGBT+ ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ග්‍රීක දේශපාලන ධාරාව මධ්‍ය-දක්ෂිණාංශික මුහුණුවරක් ගනු ලැබුවද, LGBT+ අධිවාචනය සඳහා ඉඩ ප්‍රස්තාව නිර්මාණය වූ වාතාවරණයක් දැන් පෙන්වනු ලබයි.

ග්‍රීසියේ පැන්ටියොන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිතව උසස් අධ්‍යාපනය හැදෑරූ නිකොලස් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රතිපත්තීන් සම්බන්ධ මාස්ටර් උපාධිය හදාරා තිබේ.

ග්‍රීසියේ LGBT+ මානව හිමිකම් වලට අමතරව, නිකොලස් ළමා අයිතිවාසිකම් පිළිබඳව ද ක්‍රියාධරයෙකි.

ඔහු කොවිඩ් වසංගත තත්ත්වය තුළ මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ද සඳහන්.

ග්‍රීසියේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ප්‍රගතියක් පසුගිය වසර වල දක්නට ලැබිණි. 2015 වර්ෂයේදී සමරිසි සිවිල් ඒකක පිහිටුවා ගැනීම සඳහා එරට රජයේ අනුමැතිය හිමිවිය.

කෙසේවෙතත් විවාහ සමානාත්මතාවය පිළිබඳ නීතිමය ඉඩකඩක් තවමත් ග්‍රීසියෛ් නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි