BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

‘වැඩකරන බූරුවන්‘ රැක ගැනීමට ජනතාව පෙළ ගැසෙති!

ග්‍රීසියේ ජනප්‍රියම සංචාරක නිකේතනයක් වන සැන්ටෝරිනී දූපත (Santorini)ට ඇදෙන තරබාරු සංචාරකයන්ට බූරුවන් පිට යාම තහනම් කර තිබේ.

ග්‍රීසියේ සැන්ටෝරිනී දූපත වෙත එන තරබාරු සංචාරකයන්ට බූරුවන් පිට යාම තහනම් කර තිබේ. මෙය ‘වැඩ කරන බූරුවන්‘ රැක ගැනීමට ගත් පියවරක්. Greece bans ‘overweight’ tourists from riding donkeys

මේ දූපතට පැමිණෙන මහත දෙහත සංචාරක නෝනා මහත්තුරුන් නිසා අහිංසක සතුන් විඳින දුක සැලකිල්ලට ගනිමින් මේ තීරණය ක්‍රියාවට නංවන්නේය. සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දුන් අන්දමට මේ නිසා මේ අහිංසක බූරුවන්ට දරුණු පිටකොන්දේ ආබාධ සහ ස්නායු ආබාධ ඇති වී තිබේ.

පහුගිය දිනවල මේ තත්වය කොයි තරම් නරක අතට හැරුණේ ද යත්, අන්තර්ජාලයේ සැන්ටෝරිනී යනුවෙන් ගූගල් කළ විට ද මුලින්ම පෙනෙන්නේ බූරුවන් පිටේ නැග යන තරබාරු සංචාරකයන්ය.

සැන්ටෝරිනී දූපතේ භූ විෂමතාවය අනුව සලකා බලන විට එය කඳුබෑවුම් බහුල නිසා රථ වාහනවලින් ගෝස් සිරි නැරඹිය නොහැති තැන් බොහෝමයක් ඇත. ඒ තැන්වලට පටු පාරවල් ඔස්සේ යන්නට පුළුවන් කම ලැබෙන්නේ බූරුවන්ගේ පිටේ නැග පමණයි. මේ නිසාම සැන්ටෝරිනී සංචාරක කර්මාන්තයේදී මේ බූරුවන් හඳුන්වන්නේ ‘වැඩ කරන බූරුවන්‘ හෙවත් ‘වර්කින් ඩොන්කීස්‘ යනුවෙන්ය.

stuff.co.nz

stuff.co.nz

නිවාසවල හුරතලයට හැදෙන මේ බුරුවන්, සංචාරක සමය ළං වන විට එනම් බොහෝ විට ගිම්හාන සමයට ‘වැඩ කරන බූරුවන්‘ බවට පත්කරලීම සිදුකරන්නේ ඔවුන්ගේම හිමිකරුවන් විසිනි. ඒ සඳහා බූරුවන් කුලියට දීම ඔවුන්ගේ ජීවිකාවයි.

cnn.com

cnn.com

වැඩකරන බූරුවන් ගැන නවතම නීතිය පනවා තිබෙන්නේ ග්‍රීසියේ ග්‍රාමීය සංවර්ධන සහ ආහාර අමාත්‍යාංශය විසිනි. පසුගිය ජූලි මාසයේ ග්‍රීසිය පුරාම සමාජ ජාලා ගිනිවැදී තිබුණේ මැරී ඇදගෙන වැටෙන්නට තරමේ තරබාරු සංචාරකයන් පිටේ හිදුවාගෙන කඳු පල්ලම් දිගේ නගින – රූටන බූරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝවලිනි. පසුව බූරුවන් ප්‍රවාහන ක්‍රමයක් ලෙස සැලකීීමේ යුගය අවසන් කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයකින් යුක්ත පෙත්සමක් ජනතාව විසින් අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ. PETA වැනි ජාත්‍යන්තර සත්ව හිමිකම් සංවිධාන ද මෙයට එක් වී සිටියේය. මේ තත්වය සැලකිල්ලට ගෙන ග්‍රීසිය මෙයට විරුද්දව වහාම ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේය.

All That's Interesting

All That’s Interesting

අලුත් නීතිය නිසා බූරුවන්ට කිලෝග්‍රෑම් 100කට ඒ කියන්නේ රාත්තල් 220කට වඩා බරක් පැටවීම තහනම් ය. මේ බර, සාමාන්‍ය බූරුවෙකුගේ ශරීර බරෙන් පහෙන් එකකට සමාන වේ.

පැටවිය හැකි උපරිම බර සීමාවට අමතරව මෙම සතුන්ව දවසකට වතාවක් හෝ ව්‍යායාම සඳහා යොමු කළ යුතු බවට ද අලුත් නීතිය විධාන කරන්නේය. අඩුම වශයෙන් පැය බාගයක් එසේ කළ  යුතුය. එසේම හොඳ හැටි බීමට වතුර ද ලබාදිය යුතුය.

කොහොම වුණත් පෙටා සංවිධානය කියන්නේ බූරුවන් අදින බැරි බර තවත් අඩු කළ යුතු බවය. නව තත්වය යටතේ ‘‘බූරුවෙකුට කිලෝ 100ක සංචාරකයෙක් පැටවිය හැකියි. සාමාන්‍යෙයන් බූරුවෙක් දවසට පස් වතාවක් විතර මෙතරම් බර සංචාරකයන් පටවාගෙන කඳු හෙල්වල ඉහළ පහළ යනවා. ඒක සතුන්ට විශාල හිරිහැරයක්‘ යැයි ඔවුහු පවසති.

ග්‍රීසියේ සැන්ටෝරිනී දූපත මෙතරම් විශේෂ එකක් වන්නේ එහි සොබා සෞන්දර්යය හා මධ්‍යධරණී දේශගුණය නිසා පමණක් නොව එය නිද්‍රාශීලී යමහලක් දිස්වන ඉතාම සුවිශේෂී භූමි දර්ශන රැසක් දරා සිටින නිසාවෙනි. නෞකාවලින් ග්‍රීසිය බලා එන සංචාරකයන් පසුගිය වසරවල අධික ලෙස ඉහළ ගොස් තිබෙන්නේ, මේ අසිරිමත් සොබාදහම හරියටම නරඹන්නට පුළුවන් කම ලැබෙන්නේ මුහුදු ගමනකදී වන නිසාය. නමුත් නැව් වලින් බසින සංචාරකයන්, ඉන්පසු තමන්ගේ ශරීර බර, අසරණ බූරුවන් පිට පැටවීම නම් ‘වැඩකරන බූරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනතාව‘ කොහෙත්ම අනුමත කරන්නේ නැත.


බවුසරයකින් වතුර ගෙනගොස් කාන්තාර සතුන්ගේ පිපාසාව නිවන කෙන්යාවේ ජල රජු

යුගයක නිමාව : කියුබාවේ රාවුල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් සමු ගනියි

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

ලෝකයේ පෙණහැල්ල වේගයෙන් කපා දමන බ්‍රසීලයට දරුණු ඔක්සිජන් හිඟයක්

මමි 22 ක් ශිෂ්ටාචාර කෞතුකාගාරය බලා පාවී යති

තුන් මසක් අතුරුදන් වී, ජැක් මා මක් කළාද?

කුකුල් හිමියා කුකුල් පොරයෙන් මරුට – පොර කුකුළා පොලීසියේ

කෂෝගි ඝාතනයට අණ දුන්නේ සෞදි කුමරු – සම්පූර්ණ වාර්තාව ලබන සතියේ එළියට !

error: Content is protected !!
error: Content is protected !!