×

මුහුුදු මට්ටම සීග්‍රයෙන් ඉහළ දමමින් දිය වෙන ග්‍රීන්ලන්තයේ අයිස් කඳු

1972 වසරේ සිට ග්‍රීන් ලන්තයේ පිහිටි අයිස් මිලිමීටර් 13.7 දිය වෙමින් පවතින අතර ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවමින් තිබේ. එය ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවන ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත.


දේශ ගුණික විපර්යාස හේතු පකොටගෙන ග්‍රීන් ලන්තයේ අයිස් කදු අන් කවරදාටත් වඩා සීග්‍රයෙන් දිය වී යමින් තිබේ. ඒ නිසාම මේ වන විට ලෝකයම අනතුරේ හෙළමින් පවත්නා මුහුදු මට්ටම ඉහළ යමින් තිබේ. ලෝකයේ බොහෝ රටවල ජනගහණය වැඩි වශයෙන් සිටින ප්‍රධාන නගර කිහිපයක් වන නිවුයොර්ක් නගරය, මියාමි, ලොස් ඇන්ජලීස්, ටෝකියෝ, මුම්බායි මේ ආදී නගර රැසක් මුහුදු මට්ටම ඉහළ යෑමේ අවධානමට ලක් වී ඇත.

1972 වසරේ සිට ග්‍රීන් ලන්තයේ පිහිටි අයිස් මිලිමීටර 13.7 දිය වෙමින් පවතින අතර ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවමින් තිබේ. එය ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවන ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත.

මින් පෙර අධ්‍යයන විසින් පෙන්වා දුන්නේ ලෝකයේ රටවල් විසින් හරිතාගාර වායූන් නිකුත් කෙරෙන ක්‍රියා අඩු කිරීමට මෙන්ම දේශ ගුණික විපර්යාසයන් අවම කිරීමට වහා කටයුතු කළ බවයි. මීට වසර මිලියන ගණනකට පෙර ග්‍රීන්ලන්තයේ අයිස් ස්ථර දිය වී ගියේ ඉතා සෙමින් කාල චක්‍රයකට අනුවයි. පසුගිය දෙසැම්බරයේ නිකුත් කළ අධ්‍යයන වාර්ථාවක් අනුව පෙන්වා දෙන්නේ ග්‍රීන් ලන්තයට මෙවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ පෙර නොවූ විරූ අන්දමිනි. මෙම තත්ත්වය තව දුරටත් පැවතීම මත අඩි 23 න් ගෝලීය මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි