×

බොරිස් අගමැති ධූරය භාර ගන්නට ගිය මග ග්‍රීන්පීස් අවහිර කරයි

දේශ ගුණය සම්බන්ධව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස සදහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ බොරිස් ජොන්සන්ගේ මග හරස් කරන ලදහ


බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සිය ධූරය භාර ගැනීම සදහා බකිංහැම් මාළිගයට එන අතර මග පැවති විරෝධතාවක් හේතුවෙන් ඔහුගේ ගමන මදකට අවහිර විය.

ග්‍රීන් පීස් ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම විරෝධථාව මෙහෙයවන ලදී. බොරිස් ජොන්සන් යන අතර මාර්ගය හරස් කළ මෙම විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ දේශ ගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

ඔවුන් දේශ ගුණය සම්බන්ධව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස සදහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ බොරිස් ජොන්සන්ගේ මග හරස් කරන ලදහ.
සුළු මෙහොතකින් පොලීසිය මගින් ඔවුන්ව ඉවත් කිරීමෙන් පසු ඔහු අගමැතිධූරය භාර ගැනීම සදහා බකිංහැම් මාළිගය වෙත පිටත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි