×

ජාත්‍යන්තරය ජයගත් පුංචි පරිසරවේදිනිය ග්‍රේටා සිය 18 වන උපන්දිනයේ දී ලබා දුන් පණිවුඩය! 

"මම කාටවත් කළ යුත්තේ මොනවාද කියන දෑ ගැන උපදෙස් දෙන්න යන්නේ නෑ. නමුත් ඔබ යම් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ඔබ කරනා කියනා දෑ ගැනද බොහොම සැලකිලිමත් විය යුතුයි. ඔබ කියනා දෙය ඔබ විසින් වත් සිදුවන්නේ නැත්තම් මිනිසුන් ඔබව විවේචනය කරාවි."


යම්තම් වයස 16 දී ජාත්‍යන්තරය ජයගත් ස්වීඩන් ජාතික පුංචි පරිසරවේදිනිය ග්‍රේටා තුන්බර්ග් මතක ද?

කොරෝනා වසංගතය ට කලින් නම් ඇගේ නම සෑම තැනකම රැව්පිලි දුන්නා. ලෝක නායකයින් පවා ඈ ඉදිරියේ දණින් වැටුණා.

ඒ ගෝලීය අර්බුදයන් අතර මානව වර්ගයා ලෙස අප දැකීමට අපොහොසත් වූ වැදගත් ම අර්බුදය වන දේශගුණික විපර්යාස අර්බුදය ගැන ඈ නැඟි අද්විතීය හඬ නිසාවෙනි.

මෙම වසරේ පුංචි ග්‍රේටා සිය 18 වන උපන්දිනය සමරනවා. ඇයට අප වෙත ලබාදීමට පණිවුඩයක් ද තිබෙනවා.

ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත ට අනුව, ග්‍රේටා අලුත් ඇඳුම් මිළදී ගැනීම නවතා තිබෙනවා. එපමණක් නොවෙයි, ගුවන් ගමන් වල නිරත වන මිනිසුන් හෝ දරුවන් ලැබීමට අපේක්ෂා කරන මිනිසුන් කිසිවකුත් සමඟ අමනාපයක් නොමැති බව ද ඈ සඳහන් කරනවා.

ගෝලීය පරිසර අර්බුදය ඉදිරියේ ගේට්‍රා සමඟ පෙළ ගැසුණු පිරිස අපමණයි. ඒ් අතර ප්‍රසිද්ධ චරිත ගණනාවක් ම සිටිනවා.

නමුත් ඔවුන් අදටත් ඔවුනොවුන්ගේ දින චරියා වල කාබන් විමෝචනය හා පරිසර විනාශයන් ට නානාවිධ අයුරින් දායක වන බවක් පෙනෙන්නට තිබෙන බව ඈ පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මෙම පිරිස සමඟ තමාගේ අමනාපයක් නොමැති බව ද ග්‍රේටා පවසනවා.

ප්‍රසිද්ධ චරිත තම සංචරණ කටුයුතු සඳහා බොහෝ විට යොදා ගන්නේ ගුවන් ගමන්. ගුවන් ගමන් වලදී කාබන් පරිසරයට විමෝචනය වීම වැළැක්විය නොහැකියි.

ඔවුන් පරිසර විනාශය පිළිබඳ කොපමණ උදම් ඇනුව ද, ඔවුන් විසින් සිදුවන පරිසර විනාශය නොදැකීම ඔවුන්ගේ උද්ධච්ඡකමේ ලක්ෂණයකි විය හැකි බවද ඈ පෙන්වා දෙනවා.

“මම කාටවත් කළ යුත්තේ මොනවාද කියන දෑ ගැන උපදෙස් දෙන්න යන්නේ නෑ. නමුත් ඔබ යම් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ඔබ කරනා කියනා දෑ ගැනද බොහොම සැලකිලිමත් විය යුතුයි. ඔබ කියනා දෙය ඔබ විසින් වත් සිදුවන්නේ නැත්තම් මිනිසුන් ඔබව විවේචනය කරාවි.”

එසේ අනතුරු ඇඟෙව්වේ පුංචි ග්‍රේටා ය.

පරිසරවේදීන් අතරම දරුවන් ලැබීමට අපේක්ෂා කරන උදවිය ගැන ද මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්ණ කළා. ඈ ඊට ද කදිම පිළිතුරක් ලබා දෙනවා.

පෘථිවි ගෝලය අනතුරේ පවතින විට දරුවන් ලැබීම පාරිසරික කෝණයෙන් බැලූ විට වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස අර්තකථනය කළ හැකි වූවත්, පුද්ගලයකු ගේ දරුවන් ලැබීමේ අයිතිය උදුරා ගැනීමට තමා අපේක්ෂා නොකරන බව ග්‍රේටා පවසනවා.

“ගැටළුව තිබෙන්නේ අපේ චර්යාවේයි. මිනිසුන් ගේ නොවෙයි.”

පරිසර සංරක්ෂණය ට කැපවූ තරුණියක් ලෙස අළුත් ඇඳුම් මිලදී ගැනීම ග්‍රේටා නවතා තිබෙනවා. ඇගේ තර්කය ඇඳුම් අවශ්‍ය තරම් මිනිසුන් අතර තිබෙනා බවත්, ඇඳුම් අනවශ්‍ය වී ඉවත දමන විටදී ඒ්වා ඈ හට ලබා ගත හැකි බවත් ය.

“මට කෙනෙකු ගෙන් ඇඳුම් ඉල්ලා ගැනීමට පුළුවන් වේවි. කරන්නම දෙයක් නැතිවුනොත් මම කවුරුන් හෝ භාවිතා කරපු ඇඳුම් මිලදී ගනීවි.”

පරිසරවේදිනියක් ලෙස ඉතා කුඩා අවධියක දී තම හඬ අවදි කිරීම නිසා බොහෝ බලපෑම් තමාට මෙන්ම සිය පවුලට එල්ල වූ බවත්, ලෝක ජනප්‍රියත්වයට පත්වීම නිසා ඉන් තම පවුලට මුහුණ පෑමට සිදුවූ අපහසුතා ගැන වරදකාරී හැඟීමක් පවතින බවත් ග්‍රේටා වැඩිදුරටත් පවසනවා.

ප්‍රමෝද් චින්තක පීරිස්

පෙර ලිපිය: පරිසර විනාශය ට එරෙහි වූ 90 දශකයේ ඕෂන් ගර්ල් වැනි ළමා කතා යලි විකාශය විය යුතුයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි