×

බොහෝ විට තමන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ග්‍රේටා තුන්බර්ග් සැක පහළ කරයි.

.


ගෝලීය දේශ ගුණික විපර්යාස විරෝධී තරුණ ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේටා තුන්බර්ග් ඉන්ස්ටාග්‍රැම් සමාජ මාධ්‍ය වෙත නිවේදනක් නිකුත් කරමින් දන්වා ඇත්තේ තමන් සහ සිය පියා බොහෝ විට කොරෝනා වෛරසයේ ගොදුරු වී ඇති බවට සැක පහළ කරන බවයි.

ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරියේ දේශ ගුණීක විපර්යාස වෙනුවෙන් හඩ නගිමින් දේශ ගුණික විපර්යාස පිළිබදව ගෝලීය ව්‍යාපාරයක් දක්වා කටයුතු කළ ඇය පවසා සිටින්නේ තමන් සහ සිය පියා පසු ගිය සතියේ යුරෝපයේ සංචාරය කළ බවත් පසුව සිය රටට පැමිණි පසු කොරෝනා ආසාදනයට සමාන රෝග ලක්ෂණ තමන් දෙදෙනා තුලම දැකිය හැකි වූ බවයි.

මේත් සමග තමන් සහ පියා ස්වයංනිරෝධායනයට ලක්වෙමින් සිටින බව ඇය පවසයි. ඉදිරියේදී තමන් සහ පියාට කොරෝනා වැළදී ඇතිදැයි යන්න පිළිබද වෛද්‍ය පර්යේෂණයට මුහුණ දීමට සූදානමින් සිටින බවද ඇය දන්වා සිටී.

මේ අතර අනෙකුත් තරුණ පිරිස් සදහා ඇය අවධාරණය කරමින් පවසන්නේ කොරෝනා වෛරසය පිළබදව සුළුවෙන් නොසිතන ලෙසයි. ඉතා සුළු රෝග ලක්ෂණ තිබුණද ඒ පිළිබදව අවධානය යොමු කරන බව ඇය පවසයි.

“අවදානම් කණ්ඩායමකට අයත් නොවන අපට විශාල වගකීමක් ඇත. අපගේ ක්‍රියාවන් බොහෝ දෙනෙකුගේ ජීවිතය හා මරණය අතර වෙනස විය හැකිය.”

ඇය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි