×

නෝක්කාඩු මුහුණේ සුන්දර හිමිකාරිය ”ග්‍රම්පි කැට්” මිය ගිහින්

හෝටල් සේවිකාවක් වූ ඇගේ හිමි කාරියට ග්‍රම්පි නිසා බොහෝ දෑ ලැබුණ අතර ඇය ද එක්ස්ප්‍රස් පුවත් පතට කියා සිටියේ ග්‍රම්පිගේ මුහුණ එක් දිනකින් අන්තර්ජාලය තුළ කළ වික්‍රමයත් සමග තමන් මෙතෙක් කරමින් සිටි රැකියාව අත් හල බවයි.


රවා බලන මුහුණක් ඇති නිසාම අන්තර්ජාලයේ ස්‍රප්‍රසිද්ධව සිටි ග්‍රම්පි නමු බැළලිය මිය ගිය බව ඇගේ හිමිකරුවන් නිවේදනය කර සිටී.

මිලයන ගණනකගේ මුහුණට සිනහවක් ගෙනෙන්නට හැකි වූ ග්‍රම්පි ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සිය හිමිකරුවන් යටතේ ජීවත් විය. ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 7කි. ඇගේ සැබෑ නම ටාර්ඩර් සෝස් නම් විය. 2012 වසරේ ඇගේ ඡායාරූපයක් අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් සැරි සැරූ අතර ඇගේ මූණ අන්තර් ජාල පරිශීලකයන්ගේ හැගීම් ප්‍රකාශය සදහා යොදා ගැනීමද ආරම්භ විය.

ඇගේ හිමිකාරිය තබීතා බන්ඩේසන් ය. අමුතුම ආකාරයේ නපුරු මෙන්ම මුරණ්ඩු මුහුණක් හිමි වුවත් ග්‍රම්පි ආදරනීය සහ සුන්දර සුරතලියකි. ඈ පසු ගිය දිනෙක බී බී සී රූපවාහිනී වැඩ සටහනක් සදහාද සහභාගී විය.

ඔහුගේ මුහුණ භාවිතා කළ ඇමරිකානු කෝෆි නිෂ්පාදන ආයතනයක් විසින් හුගේ හිමිකරුට ඩොලර් 10000ක කතෘ අයිතියක්ද පිරිණමන ලදී,ඒ ඔහුගේ මුහුණ සහ සිය ආයතනය නිපදවූ අයිස් කෝපි සදහා “Grumppuccino” යන්න භාවිත කිරීමත් සදහාය.

හෝටල් සේවිකාවක් වූ ඇගේ හිමි කාරියට ග්‍රම්පි නිසා බොහෝ දෑ ලැබුණ අතර ඇය ද එක්ස්ප්‍රස් පුවත් පතට කියා සිටියේ ග්‍රම්පිගේ මුහුණ එක් දිනකින් අන්තර්ජාලය තුළ කළ වික්‍රමයත් සමග තමන් මෙතෙක් කරමින් සිටි රැකියාව අත් හල බවයි.

ග්‍රම්පි කැට් ට සුව නින්දක්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි