×

ග්වාතමාලාවේ නැගෙනහිර දෙපාර්තමේන්තු පහක් වැටලීමට එරට ජනපති ගෙන් නියෝග!

ග්වාතමාලාවේ "මත්ද්‍රව්‍ය ජාවාරම් කොරිඩෝව" අසල සිදුවූ නාවික භට ඝාතනය මත පදනම් ව එරට ජනපති නැගෙනහිර දෙපාර්තමේන්තු පහක් වැටලීමට නියෝග කරයි.


ග්වාතමාලාවේ නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්වීමත් සමඟ එරට ජනපති ජිමී මොරාලෙස් මහතා නැගෙනහිර කලාපයේ දෙපාර්තමේන්තු පහක් වැටලීමට නියෝග කර ඇති බවට වාර්තා වේ. 

ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් මොරාලෙස් ප්‍රකාශ කර ඇත්තේ, ග්වාතමාලාවේ අල්ටා වෙරපාස්, අල් ප්‍රොග්‍රෙසෝ, ඉසබෙල්, පෙටන් සහ සැකපා යන දෙපාර්තමේන්තු කලාප වලට හමුදා වැටලීම් යොදවන ලෙසයි.

හමුදා වැටලීම් යෙදීමට නියෝග කිරීම ග්වාතමාලාවේ පැනවිය හැකි සිව්වන ඉහළතම ව්‍යතිරේඛයයි. වැටලීමේ නියෝග බොහෝවිට ව්‍යවස්ථානුකූලව පනවා ඇති නීතීන් හා ලබා දී ඇති අයිතිවාසිකම් හා නිදහස දැඩි ලෙස සීමා කරන බවට පැවසේ. 

වැටලීමේ නියෝගයට නතුවූ දෙපාර්තමේන්තු පහ පිහිටා තිබෙන්නේ ග්වාතමාලාව හොන්ඩියුරාස් හා මෙක්සිකෝවෙන් වෙන් කරනු ලබන දේශසීමා ආසන්නයේය. 

එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටින්නේ ඉහත කී නාවික භටයින් තිදෙනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වසන බවට ප්‍රසිද්ධ අල් එස්ටෝර් හා ඉසබෙල් පළාත් වළදී මැරයන් විසින් සැඟවී සිට පහර දී ඝාතනයට ලක් කර ඇති බවයි. 

ග්වාතමාලාව මෙක්සිකෝව හා හොන්ඩියුරාස් රාජ්‍ය වෙතින් වෙන්කරනු ලබන දේශසීමා “මත්ද්‍රව්‍ය ජාවාරම් කොරිඩෝව” (Drug Trafficking Corridor) යන අන්වර්ත නාමයෙන් ද හඳුන්වනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි