×

ඕමාන් මුහුදේ තෙල් නැවු තමන් පිපිරවූ බවට ඇමරිකානු චෝදනා අසත්‍යයක් – ඉරානය

ලොව විශාලතම නෞකා සමාගම වන BIMCO පවසන්නේ සැබෑ අවි ගැටුමක් නොවුනද මෙම තත්ත්වය විශාල අර්බුදයක් බවට පත්වෙමින් පවතින බවයි.


ඕමානයට අයත් මුහුදු කලාපය තුළ  තෙල් නෞකා දෙකක සිදුවූ පිපිරීම පිටුපස ඉරානය සිටින බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කළ චෝදනාව තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසයි.

ඕමාන් හී ගල්ෆ් මුහුදු කලාපයේ සිදු වූ තෙල් නෞකා දෙකේ පිපිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඇමරිකාව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඉරානය සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව පැහැදිලි බවයි
ඉරානය පවසන්නේ ඇමරිකාව විසින් තමන් වෙත සිදු කළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවයි. ජපානය විසින් හිමිකාරිත්වය දරන Kokuka Courageous සහ නොර්වේ රාජ්‍යට අයත් Front Altair නෞකා දෙකට මෙම ප්‍රහාරයන් එල්ල විය.

මෙම පිපිරුමට මසකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේහිදීද ඉන්ධන ටැංකි 4කට ප්‍රහාර එල්ල වූ අතර ඇමරිකාව විසින් එම පහාරයන් හී චෝදනාවද ඉරානය වෙත එල් කරනු ලැබීය. එම චෝදනාවද ටෙහෙරානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම සිදුවීමත් සමග ලෝක තෙල් මිල 4% ක ප්‍රමාණයකින් ඉහළ යෑමක් සිදුවී ඇති අතර ලොව විශාලතම නෞකා සමාගම වන BIMCO පවසන්නේ සැබෑ අවි ගැටුමක් නොවුනද මෙම තත්ත්වය විශාල අර්බුදයක් බවට පත්වෙමින් පවතින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි