×

ඊජිප්තු දේශසීමාව ආසන්නයේදී තුවක්කුකරුවෙකු විසින් ඊශ්‍රායල භටයන් 3 දෙනෙකු ඝාතනය කරයි

බොහෝ දුරට මෙම හවුල් දේශ සීමාව දිගේ සටන් කිරීම දුර්ලභ ය.


ඊජිප්තු දේශසීමා ආසන්නයේදී තුවක්කුකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම සිදු වූයේ ඊශ්‍රායලයට හෝ ගාසා තීරයට නියමිත ඊජිප්තුවෙන් භාණ්ඩ ආනයනය කිරීමට යොදා නිට්සානා සහ අල්-අව්ජා දේශසීමා හරස් මාර්ගය අසලදීය.

මේ සම්බන්ධයෙන් ඊජිප්තු හමුදාව පැවසුවේ, ඊජිප්තු දේශසීමා ආරක්ෂකයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස හඹා යමින් සිටියදී දේශසීමා ආරක්ෂක බාධකය හරහා ගොස් ඊශ්‍රායල හමුදා සමඟ වෙඩි හුවමාරු කර ගත් බවයි. මින් ඊශ්‍රායල හමුදා සෙබලුන් තිදෙනෙකු මියගොස් ඇති අතර ඉන් එක් අයෙක් කාන්තාවක් බව ද සඳහන් වේ.

ඊජිප්තුව හා ඊශ්‍රායලය අතර මෙම දේශසීමා වැට ඊජිප්තුවේ සීනායි කාන්තාරයේ ක්‍රියාකාරීව සිටින අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සහ ISIL (ISIS) හා සම්බන්ධ සන්නද්ධ සටන්කාමීන් ඇතුළුවීම නැවැත්වීම සඳහා සකස්කර ඇති අතර ඊජිප්තුව 1979 සිට ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් අත්සන් කර සමීප ආරක්ෂක සබඳතා පවත්වාගෙන ගිය පළමු අරාබි රට වේ. බොහෝ දුරට මෙම හවුල් දේශ සීමාව දිගේ සටන් කිරීම දුර්ලභ ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි