×

වයඹදිග බුර්කිනා ෆාසෝවට පැමිණි තුවක්කුකරුවෝ සිවිල් වැසියන් 20 දෙනෙකු මරා දමති!

ආයුධ සන්නද්ධව යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් සෙනසුරාදා රාත්‍රියේ අගනුවර ඔගඩගෝ නගරයට උතුරින් පිහිටි බානි මහ නගර සභාවේ ගමකට මෙම ප්‍රහාරය එල්ල කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.


වයඹදිග බුර්කිනා ෆාසෝහි පසුගියදා රාත්‍රියක සිදු වූ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 ක් පමණ මිය ගොස් තිබේ.

ආයුධ සන්නද්ධව යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් සෙනසුරාදා රාත්‍රියේ අගනුවර ඔගඩගෝ නගරයට උතුරින් පිහිටි බානි මහ නගර සභාවේ ගමකට මෙම ප්‍රහාරය එල්ල කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

සිල්ගාඩ්ජි නගරයේ වෙළඳපොළකට සටන්කාමීන් පහරදීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ‍යාමේ සිද්ධියෙන් සතියකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

සහෙල් කලාපය තුළ පසුගිය මාසවලදී ජිහාඩ්වරුන් අතර ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබේ.

සෙනසුරාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය සිදුවන්නේ ප්‍රංශය විසින් තවත් සොල්දාදුවන් 600 ක් සහෙල් කලාපයට යවන බවත් ඒ සමඟසහෙල් හී මුළු ප්‍රංශ හමුදා සංඛ්‍යාව 5,000 කට වැඩි සංඛ්‍යාවක්වනු ඇති බවත් නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

2012 සිට කලාපයේ සන්නද්ධ ගැටුම් හේතුවෙන් පසුගිය වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර 4,000 කට වැඩි පිරිසක් මිය ගියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි