×

දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයකදී 8 දෙනෙකුට වෙඩි

දකුණු අප්‍රිකාව සමූහ ප්‍රචණ්ඩත්වය සහ මධ්‍යසාරවලින් පෝෂණය වූ ලොව ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති රටකි.


දකුණු අප්‍රිකාවේ නගරයක් වන කුණු වරාය නගරය වන Gqeberhaහි උපන්දිනයක් සමරමින් සිටි පිරිසකට ආයුධ සන්නද්ධ පිරිසක් වෙඩි තබා අට දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කර තිබේ.

නිවසේ හිමිකරු ඔහුගේ උපන්දිනය සමරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මිදුලට ඇතුළුවී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර මිය ගිය අය අතර නිවසේ හිමිකරුද වන බව පැවසේ. මේ සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කර තිබුණේ නාඳුනන ප්‍රහාරකයින් විසින් අමුත්තන්ට අහඹු ලෙස වෙඩි තබා ඇති බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙමින් පවතින අතර, අපරාධකරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කර තිබේ. දකුණු අප්‍රිකාව සමූහ ප්‍රචණ්ඩත්වය සහ මධ්‍යසාරවලින් පෝෂණය වූ ලොව ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති රටකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි