×

“හැග්රිඩ්” ගේ මතකයක් දියණියගේ ඉන්ස්ටග්‍රෑමයේ!

එය කළු හදවතක ඉමෝජියක් සමඟිනි.


මේ දිනවල ලොකු කුඩා සෑම දෙනාම කතා වෙන මාතෘකාවක් තමයි ‘හැග්රිඩ්’ කියන්නෙ. හැරී පොටර් සිනමාංගය පුරාවට තම කරුණාවන්ත සිනහවෙන් සියලු දෙනාටම සංග්‍රහ කළ ඔහු රුබියස් හැග්‍රිඩ් චරිතයට පණ පෙවූ කෝල්ට්‍රන් ය.

“හැග්රිඩ්” මෙලොවෙන් නික්ම ගියේ ඉකුත් ඔක්තෝබර් 14 වන දිනයි. ඔහු මිය ගිය ආකාරය පිළිබඳ විස්තර ලබා දීමට ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට් පැකිලීමක් දැක්වූ යේ කෝල්ට්‍රන් ගේ පවුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ය.

හැග්රිඩ් ට හර්මයිනි වගේ ම හුරුබුහුටි දියණියක් සිටින බව නොරහසකි.
ඇය නමින් ඇලිස් මැක්මිලන් ය. ඇය තම පියාව වැළඳගෙන සිටින ලස්සන ඡායාරූපයක් පියාගේ වියෝවෙන් පසුව ඉන්ස්ටග්‍රෑමය ඔස්සේ පළ කර තිබුණි. එය කළු හදවතක ඉමෝජියක් සමඟිනි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි