×

“JB”ගේ බිරිඳ සහ හිටපු පෙම්වතියගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය කළඹයි!

ප්‍රේක්ෂකයන්ගේ ඇස් උඩ යන ඡායාරූප කිහිපයක්


ජස්ටින් බීබර්(JB) තාරුණ්‍යයේ ජනප්‍රියතම ගායකයා කීවොත් මා නිවැරදි ය. ඔහු එතරම් තරුණ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වූ අග්‍රගන්‍යයේ ගායකයෙකි. කුඩා කල සිටම සංගීතය සමඟ කල් ගෙවූ ඔහු නව යොවුන් වියේදී, සෙලීනා ගෝමස් සමඟ ආදර සබඳතාවක් පැවැත්වූ ව ද යම් යම් විරසකයන් මධ්‍යයේ ඔවුන් වෙන් විය. ඉන්පසු කලක් ගත වෙත්ම බීබර් වර්තමානයේ ඔහුගේ බිරිඳ වන හේලි බීබර් සමඟ විවාහ විය.

ඡායාරූප : seventeen.com

කෙසේ වෙතත් ඔහු විවාහ වූ පසුව ද බීබර්-සෙලීනා නාමය රසික රසිකාවියන්ගෙන් නම් ඈත් නොවීය. මෙයින් බැට කෑවේ හේලි බීබර් ය. බීබර්-සෙලීනා ආදර කතාව ලස්සන හුරුබුහුටි ආදර කතාවක් වූවත් දැන් තත්ත්වය වෙනස් ය. රසික රසිකාවියන් මේ පිළිබඳ හේලි ගේ පැත්තෙන් ද සිතිය යුතුය.

එමෙන්ම මෑතකදී හේලි බීබර් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ද සෙලීනා පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ඇයට යොමු විය. එයට ද ඇය සාර්ථකව මුහුණ දුන් අතර එහිදී ඇය එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමක් සිදු කළේ ද නැත.

සමාජ මාධ්‍ය තුළින් හේලි-සෙලීනා අතර දුරස්තභාවයක් ඇති කර තිබුන ද ප්‍රේක්ෂකයන්ගේ ඇස් උඩ යන ඡායාරූප කිහිපයක් සඳහා ඔවුන් දෙදෙනා පෙනී සිට තිබුණි.

ඡායාරූප : hollywoodlife.com
ඡායාරූප : hollywoodlife.com
ඡායාරූප : hollywoodlife.com

ඔක්තෝබර් මස 15 සෙනසුරාදා ලොස් ඇන්ජලීස්හි ඇකඩමි කෞතුකාගාරයේ දී පැවැත්වූ Gala හි දී අලංකාර ඡායාරූප කිහිපයක් ම සඳහා ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය සෙලීනා ගෝමස් සහ බිරිඳ හේලි බීබර් එක්ව සිටියහ.

මෙහි දී ඔවුන් එකිනෙකාව වැළඳ ගනිමින් , සිනහ වෙමින් , විවිධ ආකාරයෙන් ඡායාරූප සඳහා පෙනී සිටි අතර ඔවුන් මෙයින් අදහස් කරනුයේ සමාජය කුමක් කීවත් ඔවුන් එකිනෙකා තම තමන්ට ගෞරව කරගන්නා බවත්, ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබෙන බවත් පසක් කිරීම ය.

කෙසේ වෙතත් මේ වනවිට හොලිවුඩය පුරා මෙම ඡායාරූප ව්‍යාප්ත වී ඇති බවනම් නොරහසකි.

ඡායාරූප : hollywoodlife.com
ඡායාරූප : hollywoodlife.com

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි