×

රජයට එරෙහිව හයිටියේ පොලීසිය වීදි බසියි

හයිටියේ එක්සත් ජාතීන්ගේ නියෝජිත හෙලන් ලා ලයිම් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, හයිටියේ තත්වය බරපතල බවත්, 2022 දී සෑම පැය හයකට වරක් හයිටිය එක් පැහැර ගැනීමකට මුහුණ දෙන බවත්ය.


අපරාධ කල්ලි විසින් පොලිස් නිලධාරීන් 14දෙනෙකු මරා දැමීමත්, රජය විසින් ඊට නිසි පියවර නොගැනීමත් හේතුවෙන්, පොලිස් නිලධාරීන් ඊයේ(26)දිනයේදී හයිටියේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස්හි දී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බව වාර්තා වේ.

උතුරු හයිටියේ නගරයක පොලිස් ස්ථානයක් තුළ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමත් සහ පිටත වීදියකදී තවත් හතර දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ විරෝධතාවයන් මෙලෙස උත්සන්න විය.

පෙළපාලිකරුවන් 100 කට වැඩි පිරිසක් වීදි අවහිර කර, ටයර් පුළුස්සා, ආරක්ෂක කැමරා බිඳ දැමූ අතර වාහනවලට හානි කරනු ලැබීය. හයිටියේ රේඩියෝ ටෙලි මෙට්‍රොනොම් පුවත් සේවය වාර්තා කර තිබුණේ නිලධාරීන් කිහිප දෙනෙකු අගමැතිවරයාගේ නිවසේ ගේට්ටු කඩා ඇතුළු වීමට උත්සහ කළ බවත්, ඒ වන විට අගමැතිවරයා ආර්ජන්ටිනාවේ සමුළුවකට ගොස් හයිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැසීම හේතුවෙන් විරෝධතාකරුවන් ගුවන් තොටුපළේ ජනෙල් කඩා එහි ප්‍රවේශය ලබා ගැනීමට උත්සාහ කළ බවත්ය.

හයිටි මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව සන්නද්ධ කණ්ඩායම් අවම වශයෙන් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවලින් 60%ක් පාලනය කර භීෂණයට පත් කරන අතර නගරය තුළ සහ ඉන් පිටත මාර්ග පාලනය කරයි. මෙම කල්ලි ප්‍රචණ්ඩත්වයපාලනය කිරීමට හයිටි පොලිසියට නොහැකිවී තිබේ. හයිටි පොලිස් නිලධාරීන්ගේ ජාතික සංගමය පවසන්නේ පසුගිය වසරේ ආරම්භයේ සිට පොලිස් ස්ථානවලට විවිධ කල්ලි ප්‍රහාරවලින් 78 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

පසුගිය සැප්තැම්බරයේදී කල්ලි විසින් Port-au-Prince වරායේ ප්‍රධාන ඉන්ධන ගබඩාවක් අත්පත් කර ගත් අතර, ආනයනික ඉන්ධන බෙදා හැරීම අවහිර කරමින් ආහාර සහ ඖෂධ බෙදා හැරීමේ ප්‍රයත්නයන් අඩාල විය. හයිටියේ එක්සත් ජාතීන්ගේ නියෝජිත හෙලන් ලා ලයිම් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, හයිටියේ තත්වය බරපතල බවත්, 2022 සිට සෑම පැය හයකට වරක් හයිටිය එක් පැහැර ගැනීමකට මුහුණ දෙන බවත්ය.

තත්වය සමතයකට පත් කර ගැනීම වෙනුවෙන් හයිටි රජය විසින් එක්සත් ජනපදයෙන් හා කැනඩාවෙන් සහය අපේක්ෂා කර තිබුණද, මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු සුභවාදී පිළිතුරක් ලැබී නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි